Divaina - වසර 35කට පසු ලෝක විවාහක රූ රැජින කිරුළ ශී‍්‍ර ලංකාවේ කැරොලින්ට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 7වසර තිස් පහකට පසු ශ‍්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැුජින කිරුළ  දිනාගැනීමට පෙරේදා සමත් වූවාය.

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුණු අවසන් මහා තරගයේදී මෙම අවස්ථාව හිමිකර ගත්තේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වූ කැරොලින් ජූරි මහත්මියයි.

මීට පෙර 1984 වසරේදී මෙම කිරුළ දිනා ගත්තේ රෝසි සේනානායක විසිනි.

මෙම තරගයේ දෙවැනි තැන අයර්ලන්ත තරගකාරියටත් තෙවැනි තැන ඇමරිකානු වර්ජින් දිවයින නියෝජනය කළ තරගකාරියටත් හිමිවිය.

1984 දී ලෝක විවාහක රූ රැුජින තරගය ආරම්භ වී ඇති අතර ඇමෙරිකාව විසින් මෙම කිරුළ හය වතාවක් ජයග‍්‍රහණය කර ඇත.

මෙවර තරගය සඳහා රටවල් 51 ක් නියෝජනය කරමින් තරගකාරියෝ සහභාගි වූහ.

මෙම තරගයට සහභාගි වෙමින් කැරොලින් ජූරි ප‍්‍රකාශ කර සිටියේ තමා කුඩා කාලයේ මානසික ආතතියට ලක්වුණු බවත් එනිසා සියදිවි නසා ගන්නට පවා උත්සාහ කළ බවත් එනිසා තමා ශ‍්‍රී ලංකා විවාහක රූ රැුජින බවට පත්වූ පසු දරුවන්ට කවර ප‍්‍රශ්නයක් පැමිණිය ද ශක්තිමත්ව කටයුතු කිරීමේ අගය වටහා දීමට ‘බියු’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බවත්ය. ලෝක විවාහක රූ රැුජින කිරුළ හිමි වුවහොත් ඒ වැඩපිළිවෙළ ලෝකයටම ව්‍යාප්ත කළ හැකි බවත් ඇය ප‍්‍රකාශ කර තිබිණි.

27 හැවිරිදි කැරොලින් ජූරි එක්දරු මවකි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද නව විවාහක රූ රැුජිනට සුබ පැතුම් එක්කරමින් ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කර තිබිණි. එහි මෙසේ සඳහන් විය.

‘ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි කැරොලින් ජූරි මහත්මියට මාගේ උණුසුම් සුබ පැතුම්. වසර 35 කට පසු මෙම ජාත්‍යන්තර ගෞරවය මව්බිමට රැුගෙනවිත්, ශ‍්‍රී ලාංකිකයන් හැටියට අප සැමට ආඩම්බරයක් එක් කළ ඔබට තුති!’

චතුර පමුණුව

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles