Divaina - ස්විස් නිලධාරිනිය සීඅයිඞීයට ප‍්‍රකාශයක් දෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 6පැහැර ගැනීමකට ලක්වූවේ යැයි ආන්දෝලනාත්මක චෝදනාවක් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව ඊයේ (09 වැනිදා* ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය.

කොළඹ මාලිගාකන්ද ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නමැති මෙම කාන්තාව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිට ඊයේ (9 දා* පස්වරු 2.30 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබිණි.

පසුව කාන්තා පොලිස් නිලධාරිනියන් භාරයේ මුලින්ම ඇය කොළඹ අධිකරණ වෛi නිලධාරි වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් සිදුකළ පුළුල් විමර්ශනයකින් පසු ඉදිරි විමර්ශන සඳහා මෙම කාන්තාවගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් විය.

ශ‍්‍රී ලංකා බලධාරීන් ඒ බව ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතාට දැනුම් දී තිබුණි. තම තානාපති කාර්යාල සේවිකාවට ඇතිවූ සිද්ධිය හමුවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොසිටින බැවින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවත් ඇය ස්විස්ටර්ලන්තයට රැුගෙන යා යුතු බවත් තානාපතිවරයාගේ ස්ථාවරයවිණි.

පසුව මේ පිළිබඳව ඉකුත් අඟහරුවාදා (03 වැනිදා* අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම කාන්තාවට විදේශගතවීම තහනම් කරමින් අද (09 වැනිදා* ට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ නියෝගයක් ලබාගත්තේය.

මේ අතරේ එම කාන්තාව වෛi වාර්තා මත පදනම්ව ස්විස් තානාපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවද ඉකුත් සිකුරාදා වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් මෙම තානාපති කාර්යාල සේවිකාවට ලබාදුන් අධිකරණ නියෝගයට අනුව ඇය ඊයේ (08 වැනිදා* මෙසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි. අධිකරණ වෛi නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

සමන් ගමගේ



 

 

p1 3

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles