Divaina - ජනපති ගෝඨාභය රාජපක්ෂට පකිස්තානු විදේශ ඇමැති හා ඉතාලි හා නෝර්වේ තානාපතිනියන්ගෙන් ශුභාශිංසන

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

main1italy
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පාකිස්තානු විදේශ කටයුතු ඇමැති, ශ‍්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය හා නෝර්වේ තානාපතිනිය අතර හමුවක් පෙරේදා (02 වැනිදා* පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 

main1pak
 
 විදේශ කටයුතු ඇමැති ෂාඞ් මහමුද් කුරේෂි මහතා පාකිස්තානු රජයේ ශුභාශිංසන ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළෙඳ කටයුතු, ආරක්ෂිත සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ක්‍ෂේත‍්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් සිටින බව ප‍්‍රකාශ කළේය.
 
 තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සමග එක්ව කි‍්‍රයාකිරීමට තම රජය කැමැත්තෙන් සිටින බවද අමාත්‍ය කුරේෂි මහතා සඳහන් කළේය. ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේදී ශ‍්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිතුමා පාකිස්ථාන රජයෙන් ඉල්ලීමක් කළේය.
 
 ජනාධිපති ධුරයට පත්වීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ සහ ඉතාලි රජයේ ශුභාශිංසන පිළිගැන්වූ ශ‍්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා මහත්මිය නව දැක්මක් සහිතව ඉදිරියට යන ශ‍්‍රී ලංකාව සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට සිය රජය අපේක්ෂා කරන බව කීවාය.
 
 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව වැඩපිළිවෙළත් සමඟ ශ‍්‍රී ලංකාව ආර්ථික, සමාජයීය ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍රයන්ගෙන් කඩිනමින් ඉදිරියට ගමන් කරනු ඇති බවට විශ්වාසය පළ කළ තානාපතිවරිය එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි උපරිම සහාය ලබා දෙන බව ද කියා සිටියාය.
 
 මේ අතර ශ‍්‍රී ලංකාවේ සිටින නෝර්වේ තානාපතිනි ට‍්‍රයිනි ජොරන්ලි එස්. කෙඩෙල් මහත්මිය ඇතුළු දූත පිරිස ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles