Divaina - රනිල් මල්වතු - අස්ගිරි මහ නාහිමියන් හමුවෙයි....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


 
 සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්තී වීරසේකර
 
 ranas500450ජනපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (03 දා* පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
 
 එජාප නායකත්වය ඇතුළු තනතුරු සම්බන්ධයෙන් ඉදිරියේ  ගැනීමට නියමිත තීන්දු තීරණ සම්බන්ධවද ඒ මහතා මහනාහිමිවරු දෙනම දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
 
 මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡුාවක නිරත විය. අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ ද සාකච්ඡුාවක නිරත වූයේය.
 
 මෙම සාකච්ඡුා මාධ්‍යයට විවෘත නොවුණු අතර සාකච්ඡුාවෙන් අනතුරුව පිටතට පැමිණි ඒ මහතා තමන් අග‍්‍රාමාත්‍යධුරය හෙබවූ සමයේ මහනාහිමිපාණන් වහන්සේ ලබාදුන් දායකත්වයට කෘතවේදීත්වය පළ කිරීම සඳහා පැමිණි බව ප‍්‍රකාශ කළේය.
 
 මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය, පාතදුම්බර එජාප ආසන සංවිධායක තිලිණ බණ්ඩාර තෙන්නකෝන්, එම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම, හිටපු පළාත් සභා මන්ත‍්‍රීනි ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles