Divaina - ජර්මනියේ සිට ශ‍්‍රී පාදය බලා පැමිණි තරුණ යුවළගේ ලක්‍ෂ ගාණක මුදල් පසුම්බිය සොයාදුන් ත‍්‍රීරෝද රියැදුරු සුමිත්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මස්කෙළිය - ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක
 
 ජර්මනියේ සිට ශ‍්‍රී පාදය බලා පසුගියදා පැමිණි තරුණ යුවළකගේ අස්ථානගත වූ මුදල් පසුම්බියක් නැවත එම යුවළ වෙත භාරදීමට කටයුතු කළ හැටන් නගරයේ ත‍්‍රීවීල් රථ රියැදුරකු ගැන නල්ලතන්නිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
 
 ජර්මනියේ ඉංජිනේරුවකු වන එන්. සෙබස්තියන් (27) හා එම රටේම රුපවාහිනි ආයතනයක සේවයේ නියුතු ලෝරා (24) යන යුවළ පසුගියදා ප.ව. 03.30 ට පමණ හැටන් නගරයට පැමිණ ඇත්තේ ශ‍්‍රීපාදය බලා යෑමටය. හැටන් නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පළ අසල ත‍්‍රීවීල් රථ ගාලේ කුලී ගමන් යන ළමාහේවාගේ සුමිත් මහතාට මෙම යුවළ හමුවී ඇත. අනතුරුව යුවළ නල්ලතන්නියේ පිහිටි නිවාඩු නිකේතනය බලා සුමිත්ගේ ත‍්‍රිවීල් රථයෙන් ගමන් ආරම්භ කළහ. මෙම යුවළ බස්සවා සුමිත් ආපසු හැටන් බලා පැමිණ ඇත්තේ, ජර්මන් ජාතික යුවළගේ ඉල්ලීම මත ශ‍්‍රීපාද කඳු තරණයෙන් අනතුරුව පසුදා උදෑසන නැවත හැටන් නගරයට කැටුව යෑමට නල්ලතන්නිය බලා පැමිණෙන පොරොන්දුවෙනි.
 
 ත‍්‍රීවිල් රියැදුරු සුමිත් පැවසුවේ,
 
 ‘‘ත‍්‍රීවීල් එක සුද්ද කරද්දී ආසනය යට තිබී මුදල් පසුම්බියක් හමුවුණා. මා එය පරීක්ෂා කර බලද්දී ශ‍්‍රී ලංකා රුපියල් 8000 ක් හා යුරෝ 50 ක් සමග බැංකු පෙට් කාඞ් 03 ක් තිබුණා. පසුම්බියේ ඡුායාරූපයක් තිබුණා. එය මා සමග ගිය ජර්මන් කාන්තාවගේ ඡුායාරූපය බවට හඳුනා ගන්න මට අපහසු වුණේ නෑ. මම ඒ වෙලාවේම නල්ලතන්නියේ හෝටලයේ අංකයට දුරකථන ඇමතුමක් අරගෙන එහි අයිතිකරුට කීවා විදේශික යුවළගේ මුදල් පසුම්බිය ත‍්‍රීවීල් රථයේ වැටී තිබී මට හමුවූ බවත්, එය එම යුවළට දැණුම්දෙන ලෙසත්, පසුදා එනවිට රැුගෙන එන බවත් පැවසුවා. එහිදී හෝටලයේ අයිතිකරු කියා සිටියේ මුදල් පසුම්බිය නැතිවීම සම්බන්ධව මෙම යුවළ දැඩි කළකිරිමකින් සිටි බවත්, හමුවූ සිද්ධිය පැවසීමෙන් පසුව දැඩි සතුටකින් පසුවන බවය.
 
 පසුදා උදේ මම හෝටලයට ගොස් මුදල් පසුම්බිය ඔවුන්ට දුන්නා. ඒ අය එය පරීක්ෂා කර බලා මට හදපිරි සතුටින් ස්තුති කළා. පසුව මම ඒ අය හැටන් නගරයට කැටුව ආවා. එහිදී ඔවුන් මගේ හයර් එකට අමතරව මට සතුටින් රුපියල් 3000 ක් දී මගේ ත‍්‍රීවීල් රථයේ ටැංකිය සම්පූර්ණවීමට පෙට‍්‍රල් සපයා දුන්නා.
 
 මෙම ජර්මන් ජාතික එන්. සෙබස්තියන් මහතා පැවසුවේ, මෙම රියැදුරා ඉතා අවංක පුද්ගලයෙක් බවත්, මෙවැනි පුද්ගලයින් ශ‍්‍රී ලංකාවටම ආඩම්බරයක් බවය. තමන් ජර්මනියට ගොස් මෙම රියැදුරුට තවත් උදව් කිරීමට පියවර ගන්නා බවය.
 
 ජර්මන් ජාතික යුවළ ත‍්‍රීවිල් රියැදුරු සුමිත් මහතා සමග ඡුායාරූපයකට මුහුණ දුන් අයුරු ඡුායාරූපයේ දැක්වේ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles