Divaina - අනුරාධපුර නගරය ජලයෙන් යට වෙයි - ඩෝසරයක් ගසාගෙන යයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p3 2- දුම්රිය නිවාසවලටත්  ගස් කඩා වැටිලා

අනුරාධපුර නගරයට පෙරේදා (30 දා) සවස නොකඩවා ඇද හැලූ‍ණු දැඩි වර්ෂාව හේතුවෙන් මහා මාර්ග, නිවාස හා වෙළඳසල් ඇතුළු නගරයේ ස්ථාන රැුසක් ජලයෙන් යටවූ බව අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පැය හතරකට වැඩි කාලයක් අඛණ්ඩව මෙම වර්ෂාව ඇද හැළුණු අතර එය මිලිමීටර 172ක් ලෙස සටහන්ව තිබුණි.

අනුරාධපුර නව නගර මධ්‍යයේ පිහිටා ඇති කුම්බිච්චන්කුලම වැව පිටාර ගැලීම හේතුවෙන්, අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය අසල ප‍්‍රධාන මාර්ගය පැය කිහිපයක් ජලයෙන් යටවුණි. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබුණි.

අනුරාධපුර පැරණි පූජා නගරයට ඇතුළු වන ස්ථානයේ, ‘මල්වතු ඔය ලේන්’ හරහා ඉදි කෙරෙමින් පවතින පාලම ජලයෙන් යටවී තිබූ අතර වැඩ බිමෙහි නවතා තිබූ ඩෝසරයක් ජල පහරට ගසා ගෙන ගොස් අසල වෙල්යායක නතර වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වර්ෂාව සමග ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් පූජා නගරයට පිවිසෙන සිංහල කණුව ආසන්නයේ ඇති දුම්රිය නිල නිවාස කීපයකට ගස් කඩා වැටී හානි සිදුව තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහයක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.

කලා ඔය දෙපස සිටින ජනතාවට විමසිලිවත්ව සිටින ලෙස රාජාංගන වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

මිහින්තලේ - රංග චතූ, නාච්චාදුව- ප‍්‍රභාත් වනසිංහ

 

p3 2
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles