Divaina - සමහරු හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා: මම දේශපාලනයේ නැවත උපදිනවා -හිටපු ජනපති මෛත‍්‍රී පොළොන්නරුවේදී කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 2‘මගේ නිල කාලය ඉවර නිසා සමහර අය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ මම දේශපාලනයේ නැවත උපදිනවා’’ යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (30දා) පොලොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයාගෙන් ඉටුවූ මෙහෙවර ඇගයීම වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති මෛත‍්‍රී ප‍්‍රසාද ප‍්‍රණාම උළෙල අමතමින් ඒ මහතා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

‘‘සමහර අය මට තේරෙනවා, මට පේනවා දැනුත් කියන කරන දේවල්. ඒ අය හිතාගෙන ඉන්නවා මගේ නිල කාලය ඉවර නිසා මම ඉවරයි කියලා. නැහැ මම දේශපාලනයේ නැවත උපදිනවා. මගේ පණ කෙන්ද තියෙනකම්, අවසන් හුස්ම යනකම් මිනිස්සුන්ටත් රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ.

මම මුලින්ම අෂ්ඨලෝක ධර්මය ගැන කියපු නිසා නැවත මතක් කරන්න ඕන විශේෂයෙන්ම මිනිස්සුන්ට ආදරය කරන, මිනිස්සුන්ට වැඩ කරන, මිනිස්සුන්ට සේවය කරන අවංක දේශපාලඥයන්ට ලෝකයේ, නින්දා අපහාස සහ අවසානයේ මරණය. ඇමරිකාවේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ නායකයා, මිනිස්සුන්ට ආදරය කරපු නායකයා ඒබ‍්‍රහම් ලින්කන් වෙඩි තියලා මැරුවා. ඇමරිකාවේ වර්ණභේදවාදයට විරුද්ධව සටන් කරපු ආචාර්ය මාර්ටින් ලූතර් කිං වෙඩි තියලා මැරුවා. දේශපාලඥයෙක් නොවූ මහාභාරතයේ නායකයා සාන්තුවරයෙක්, ගාන්ධි තුමා. එතුමා පිළිගන්න විදියට ඉස්සරහට ගිහිල්ලා ගොඞ්සේ, නෙලූම් මල් පොකුරක් ගාන්ධිතුමාගේ අතට දීලා ගාන්ධි තුමා නෙළුම් මල් ටික අතට ගන්නකොටම ගොඞ්සේගේ ඉනේ ගහගෙන හිටපු පිස්තෝලය අරගෙන වෙඩි තියාගෙන තියාගෙන ගියා. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා හම්බවෙන්න ගෙදරට ආවේ භික්ෂූන් වහන්සේලා. බණ්ඩාරනායක මැතිතුමා හාමුදුරුවරු ගාවට ඇවිල්ලා නැමිලා වඳිනකොට සිවුර අස්සෙන් පිස්තෝලේ අරගෙන වෙඩි තියාගෙන තියාගෙන ගියා. මේක එහෙම ලෝකයක්.

ඉතින් මම වගේ දුප්පත් පවලකින් ගොඩනැගිලා රටේ රාජ්‍ය නායකයා වීමේ වාසනාව ජනතාව විසින් ලබා දුන්න කෙනෙකුට නින්දා අපහාස කියන එක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒ කිසි දේකින් මම පස්සට ගිය කෙනෙක් නෙවෙයි. පස්සට යන්නෙත් නෑ. ගිහිල්ලත් නෑ.

2014 මම රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් අයින් වෙන කොට පොලොන්නරුවේ අය මට ටෙලිෆෝන් කරලා කිව්වා අයියෝ කළු ගලේ ඔළුව ගහගත්ත නේද? මොන දෙයක්ද මේ කරගත්තේ කියලා. දැනුත් සමහර අය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නැහැ මම නැවත දේශපාලන වශයෙන් ඉපදෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, පොලොන්නරු ප‍්‍රාදේශීය සභාවේ සභාපති පේ‍්‍රමසිරි මුණසිංහ යන මහත්වරුද එම උත්සව සභාව ඇමතූහ.

කරුණාරත්න ගමගේ, අරලගංවිල - රොෂාන් තුෂාර තෙන්නකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles