Divaina - අගමැති මහින්ද දිවුරුම් දෙයි.... නව ඇමැති මණ්ඩලය අද පත් කෙරේ
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අනුර බාලසූරිය, ලසිත දුමින්ද

 

mahinda500500

 

 නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (21 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිලි ජනාධිපතිවරයා වෙත භාරදුන් අයුරු.

 ඡායාරූප - කමල් බෝගොඩ
 
 ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (21 දා) පස්වරු 1.08 ට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
 දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. එය කෙටි උත්සවයක් විය.=


 දිවුරුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්‍ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරු පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, මහින්ද අමරවීර යන මහත්වරු ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්වූහ.
 
 දිවුරුම් දීමේ උත්සවය නිමවී නව අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් අසුන්වලින් නැගිට පැමිණෙනවාත් සමග හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සුබපැතූහ. එහිදී දේශපාලන පක්‍ෂ නායකයන්ද නව අග්‍රාමාත්‍යවරයාට සුබපැතූහ.
 
 
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles