Divaina - ගිල දැමූ කොකේන් ගුලි පුපුරා යෑමෙන් කෙන්යානු කත දැඩි සත්කාර ඒකකයට... තවමත් ආමාශය තුළ එක්‌කෝටි තිස්‌පන් ලක්‌ෂයක්‌ වටිනා ගුළි 51 ක්‌....!
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

කටුනායක - ටී. කේ. ජී. කපිල

 

koken500500
 
 කොකේන් ගුලි තොගයක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාව, ඒවා පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී, ඇයගේ
 
 ආමාශය තුළ වූ ගුලි කීපයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය තත්වයට පත් වී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
 
 තිස් පස් හැවිරිදි මෙම කෙන්යානු ජාතික කාන්තාව මුලින්ම කෙන්යාවේ නයිරෝබි සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා වෙත පැමිණ එතනින් මෙම කොකේන් මිලදීගෙන තිබේ. එහිදී ඒවා උපත් පාලන කොපු තුළ බහා, ගුලි වශයෙන් සකස්කර ගිල දමා තිබේ . ඉන්පසු ඇය කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
 ඉකුත් 17 දින සවස 4.20 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. - 654 දරන ගුවන් යානයෙන් ඇය මෙසේ කටුනායක ගුවන් තොටුපළ පැමිණ තිබුණි .
 
 ඇය රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කොකේන් ගුලි 100 ක් පමණ ගිල දමා ඇති බව ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ .
 
 ඇයගේ මෙම දීර්ඝ ගුවන් ගමන සඳහා දින ගණනාවක් ගතවී ඇති අතර එම කාලය අතරතුරදී ඇය විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 30 ක් එළියට පැමිණ තිබුණි. ඇය ඒවා ඇගේ ගමන් මල්ලේ සඟවා ගෙන ඇති අතර, ඇය අත් අඩංගුවට පත් වීමෙන් පසු මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තවත් කොකේන් ගුලි 19 ක් පිටතට ගැනීමට වෛද්‍යවරු සමත් වී තිබුණි.
 
 මේ වන විට තව දුරටත් ඇයගේ ආමාශය තුළ රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වටිනා , කොකේන් ගුලි 51 ක් පමණ ඇති අතර ඒවායින් කීපයක් 11/19 දින රාත්‍රි ඇයගේ ආමාශය තුළ දී පුපුරා යන්නට ඇතැයි මීගමුව මහ රෝහලේ වෛද්‍යවරු සැක පහළ කරති.......
  

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles