Divaina - අංගමැඩිල්ල අමුණේ විශාල ජල කඳක් වැඩකට නොගෙන මුහුදට ගලයි - ගොවීන්ගෙන් වාරිමාර්ග නිලධාරීන්ට චෝදනා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 1 - අංගමැඩිල්ල අමුණේ සිට පරාක‍්‍රම සමුද්‍රයට ජලය එන දොරටු සම්පූර්ණයෙන් වසා දමා තිබීම හේතුවෙන් මේ දිනවල පවතින අධික වර්ෂාවත් සම`ග එක්රැුස්වන මුළු ජල ප‍්‍රමාණයම වැවට නොලැබී අඹන්ග`ගට ගලාබසිමින් තිබෙන අයුරු.
 
 - පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයට ජලය ලබා ගන්නා ප‍්‍රධාන වාරි නිර්මිතය වන අංගමැඩිල්ල අමුණේ සිට විශාල ජල කඳක් මේ දිනවල වැඩකට නොගෙන අඹන්ගග ඔස්සේ මහ මුහුදට ගලාගෙන  යාමට සලස්වා තිබේ.
 
 මේ නිසා දිනකට වැවට ලබාගත හැකි අක්කර අඩි 1000 ක පමණ ජල ප‍්‍රමාණයක් අහිමි වී යන බවට ගොවි ජනතාව වාරිමාර්ග නිලධාරීන්ට චෝදනා කරති.
 
 ඒ විශාල ජල කඳ මෙසේ අපතේ යාමට ඉඩ නොදී වැවට ලබා ගැනීමට කටයුතු කළේ නම් වැවේ ජල මට්ටම විශාල ප‍්‍රමාණයකින් ඉහළ යනු ඇති බවද දැනට දින 10 ක පමණ කාලයක සිට මේ ජල නාස්තිය සිදුවන බවද ගොවීහු පැවසූහ.
 
 පරාක‍්‍රම සමුද්‍රයේ ප‍්‍රමාණවත් ජල මට්ටමක් නොතිබීම නිසා මාස් කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම මෙතෙක් ආරම්භ කර නැතැයිද ඔවුහු ප‍්‍රකාශ කළහ.
 
 එවැනි තත්ත්වයක් යටතේ වැවට එක්රැුස් කර ගතයුතු ජලය මෙසේ අඹන් ග`ග ඔස්සේ මහ මුහුදට ගලාගෙන යාමට වාරිමාර්ග නිලධාරීන් කටයුතු කර ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න බරපතළ ගැටලූවක් බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු වගකිව යුත්තන්ගේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බවත් ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.
 
 අංගමැඩිල්ල අමුණේ ජලය පරාක‍්‍රම සමුද්‍රයට ලබා නොගෙන අඹන්ග`ග ඔස්සේ මහ මුහුදට ගලාගෙන යාමට වාරි නිලධාරීන් කටයුතු සලස්වා තිබෙන බවට ගොවි ජනතාව න`ගන චෝදනාව සම්බන්ධයෙන් පරාක‍්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පරාක‍්‍රම සමුද්‍රයට ඉහළින් කලහගල ප‍්‍රදේශයේ පිහිටි ගල්බුද්ධයාය කොටසේ අලූතින් කුඹුරු අක්කර 100 ක් පමණ අලූතින් අස්වද්දන බවත් එහි දැනට ඉදිකිරීම් සිදු කෙරෙන වාරි නිර්මිතවලට ඇතිවන අවහිරතා වැළැක්වීම සඳහා අංගම්ැඩිල්ල අමුණෙන් පරාක‍්‍රම සමුද්‍රයට ජලය ලබා ගැනීම මේ දිනවල තාවකාලිකව නවතා තිබෙන බවයි. ගල්බුද්ධයාය කොටසේ වාරිමාර්ග ඉදිකිරීම් තව සතියකින් පමණ අවසන් වනු ඇතැයිද ඉන් පසුව වැවට ජලය ලබා ගැනීම නැවත ආරම්භ කරන බවද ඒ මහතා කීය.
 
 කරුණාරත්න ගමගේ
 පින්තූරය කරුණාරත්න ගමගේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles