Divaina - ඉමදුව ප්‍රා. සභාව බී ලූනුවලින් රත්වෙයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  b2

 
 ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි
 
 බී ලූනුවල මිල ජනතාවට දැරිය නොහැකි අන්දමින් වැඩිවීමට විරෝධය පා 17 දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට බී ලූනු මාලයක්‌ හා බී ලූනු
 
 රැගෙන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පැමිණීම නිසා සභාව උණුසුම් විය.
 
 පොදුජන පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්. රේණුකා මහත්මිය විසින් මෙසේ බී ලූනු මාලයක්‌ සභාව පවත්වාගෙන යන මොහොතේ පැළඳි අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රී ලලේන්ද්‍ර අන්දරගේ මහතා විසින් බීලූනු පාර්සලයක්‌ විපක්‍ෂ නායක කණ්‌ඩම්බි හර්ෂණී මහත්මිය වෙත ලබාදීමට යැමේදී මෙසේ සභාව උණුසුම් තත්ත්වයක්‌ ඇතිවිය.
 
 විපක්‍ෂ නායිකාවට ලබාදුන් බී ලූනු පාර්සලය නැවත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිටි පැත්තට දැමීමට විපක්‍ෂ නායිකාව කටයුතු කර අතර ඉන් පසුව දෙපිරිස අතර මෙසේ උණුසුම් තත්ත්වයක්‌ නිර්මාණය විය.
 
 වැඩිවුණ එක විතරක්‌ නොවේ අඩුවුණ ඒවත් කියන්න. මහින්ද ආණ්‌ඩු කාලේ බඩු මිල අඩුවුණාද? දැන් ගෑස්‌ කීයද? ඉන්ධන කීයද? කෝ ඒවාට කතා නැද්ද? කියමින් එජාප මන්ත්‍රීවරුන් විරෝධය දක්‌වද්දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කියා සිටියේ අද කුස්‌සියේ යුද්ධය කරන කාන්තාවන් වෙනුවෙන් තමන් මෙසේ පෙනී සිටින බවයි. විනාඩි කිහිපයක්‌ පැවති නොසන්සුන්තාව සභාපතිවරයාගේ මැදිහත්වීම මත සමථයකට පත්විය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles