Divaina - ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දෙදෙනා ගෝඨාභයගේ රුව සහිත පෝස්ටර් දෙකක් සභාවට ගෙන ඒමෙන් ඉමදුව ප‍්‍රාදේශීය සභාව උණුසුම් වෙයි...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්’ කේ’ කලූආරච්චි
 
 ඉමදුව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඊයේ (17 දා* පැවති ඉම¥ව ප‍්‍රාදේශීය සභා රැුස්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් රැුගෙන සභාවට පැමිණීමත් සමග ඉම¥ව සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය’

 

gotabayasd334
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමේ තීරණයත් සමඟින් මෙසේ ඉම¥ව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් වන උදාන කුසුම්සිරි හා රුවින් මන්තින්ද යන මන්ත‍්‍රීවරුන් මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත ඡුායාරූප අතැතිව සභාවට පැමිණි අතර එහිදී අදහස් දැක්වූ උදාන කුසුම්සිරි මහතා පැවසුවේ,
 
 ‘‘අද සමහරු කියනවා ශ‍්‍රීලනිපයේ අච්චර අය එජාපයට එකතු වුණා, මෙච්චර එකතු වුණා කියලා. එහෙම කවුරුවත් එකතු වෙලා නෑ. අපි අද ඒක ඔප්පු කරන්න තමයි මේ විදියට ආවේ. අපි මින් ඉදිරියට ගෝඨාභයගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වෙනවා’’
 
 මෙහිදී මේ සම්බන්ධයෙන් විරෝධත්වය දක්වමින් එජාප මන්ත‍්‍රීවරුන් කෑකෝ ගසමින් විරෝධත්වය පළ කරන්නට විය. ‘‘ලැජ්ජ නැද්ද, කියපුවා මතක නැද්ද, ඔබතුමාලාගේ
 
 නායකයාට හූ කියන්න ඉන්නේ, පසුගිය දවසක මහින්ද මහත්මයා කැඳෙව්වා නේද’’ කියමින් එජාප මන්ත‍්‍රීවරුන් විරෝධත්වය පළකරද්දී පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්, ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඉතාම උණුසුම් අයුරින් පිළිගත්තේ එජාපය දෙසින් පැමිණෙන විරෝධයට ප‍්‍රතිචාර දක්වමිනි.
 
 මෙහිදී අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්,
 
 ‘‘අපි දැන් එකට ඉන්නේ, අපි එකට රැස්වීම් කරන්නේ. මහින්ද මහත්මයා එක්ක රැුස්වීමක් තිබුණා. ඒකෙදී අපි තීරණය කරා චන්දිම වීරක්කොඩි එක්ක මේ මැතිවරණය ජයග‍්‍රහණය කරන්න’’ යැයි පැවසීය.
 
 ඡුායාරූපවලින් දැක්වෙන්නේ එම සිද්ධි දාමයයි.
 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles