Divaina - බෝම්බ රියක් පිළිබඳ අසත්‍ය පුවතකින් රට පුරා පාසල් කැළඹෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

P1 1හිමිකරුවකු නොමැති මෝටර් රථයක් පෙරේදා (15 දා) රාති‍්‍ර සිට මෝදර ප‍්‍රදේශයේ කතෝලික පාසලක් අසල නවතා තිබීම හේතුවෙන් ඊයේ (16 දා) පෙරවරුවේ කලබලයට පත් වීම නිසා විදුහලේ සිසුන්ගේ දෙමාපියන් දරුවන් නියමිත වේලාවට පෙර පාසලෙන් රැගෙන යෑමට පැමිණ සිටි අයුරු.

- බෝම්බ පුරවාගත් මෝටර් රථයක් පාසලකට කඩා වැදී පුපුරුවා හැර මහා විනාශයක් කිරීමට සැලසුමක් ඇති බවට ඊයේ (16 වැනිදා) පෙරවරුවේ ප‍්‍රචාරය වූ අසත්‍ය ප‍්‍රවෘත්තියක් නිසා කොළඹ සහ ප‍්‍රදේශ කීපයක පාසල් රැුසක දැඩි කලබලකාරී තත්ත්වයක් උද්ගත විය.

මෙම අසත්‍ය ප‍්‍රවෘත්තිය නිසා කොළඹ මොදර කොටහේන, මට්ටක්කුලිය වෙරළබඩ, ගම්පහ මිරිස්වත්ත, හැටන් බගවන්තලාව ඇතුළු තවත් ප‍්‍රදේශ කීපයක පාසල් රැුසක කලබලකාරී තත්ත්වයක් උද්ගත විය.

මවුපියන් තම දරුවන් පාසල්වලින් බලහත්කාරයෙන් රැුගෙන යෑමට උත්සාහ කිරීම නිසා ඇතැම් පාසල් අවට ගැටුම්කාරී තත්ත්වයක් පවා ඇතිවී තිබූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම බෝම්බ බිය පිළිබඳ අසත්‍ය ප‍්‍රවෘත්තිය මුලින්ම ප‍්‍රචාරය වී තිබුණේ මෝදර මට්ටක්කුලිය කි‍්‍රස්තියානි දේවස්ථානය සහ ඒ අසල පිහිටි පාසලක් ආසන්නයේ නතර කර තිබූ සැකකටයුතු මෝටර් රථයක් නිසා බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කාර්මික දෝෂයක් නිසා මෙම සුඛෝපභෝගී මෝටර් රථය පෙරේදා රාති‍්‍රයේ සිට මට්ටක්කුලිය පිහිටි පාසලක් ඉදිරිපිට නතර කර තිබී ඇත. මෝටර් රථයේ හිමිකරු කාර්මික දෝෂයට ලක්වූ රථය අලූත්වැඩියා කර ගැනීමට පසුදින පැමිණෙන තෙක් එය පාසල අසල නතර කර දමා ගොස් තිබිණි.

ඊයේ පෙරවරුවේ අයිතිකරුවකු නොමැති මෙම සැකකටයුතු මෝටර් රථය දුටු පාසල් බලධාරීන් සහ දෙමවුපියන් මෙම රථය බෝම්බ පුරවාගත් රථයක් යැයි සිතා ඒ පිළිබඳව පොලිසිය සහ ආරක්‍ෂක අංශ දැනුවත් කර ඇත.

බෝම්බ පුරවාගත් මෝටර් රථයක් පාසලකට කඩා වැදීමට පැමිණෙන බවට වූ අසත්‍ය ප‍්‍රවෘත්තිය රට පුරා ප‍්‍රචාරය වී ඇත්තේ මෙම සිද්ධිය පාදක කරගෙන බව පොලිස් විමර්ශනවලින් හෙළි විය.

පසුව මට්ටක්කුලිය පොලිසිය මැදිහත් වී මෙම මෝටර් රථයේ හිමිකරු සොයාගෙන එම රථය විවෘත කර පරීක්‍ෂා කර තිබිණි.

පාසල අසල මෝටර් රථය අතහැර දමා ගිය එම රථයේ හිමිකරුගෙන් පොලිසිය ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

මේ අතර මෙම අසත්‍ය ප‍්‍රවෘත්තිය රටපුරා ප‍්‍රචාරය කළ පුද්ගලයන් සොයා පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම අසත්‍ය ප‍්‍රවෘත්තිය පිළිබඳව මවුපියන් දැනුවත් කිරීමට පොලිසිය සහ ආරක්‍ෂක අංශ කටයුතු කිරීමෙන් පසු පාසල් අවට ඇතිවී තිබූ උණුසුම් තත්ත්වය ඊයේ දහවල් වන විට පහව ගොස් තිබිණි.

මේ අතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් දමිල විiාලයේ ප‍්‍රාථමික අංශයේ ගොඩනැඟිල්ලක් තුළ සැකකටයුතු පාර්සලයක් තුළ බෝම්බයක් ඇති බවට පැතිර ගිය බොරු ප‍්‍රචාරයක් හේතුවෙන් වහා කලබල වූ එම පාසලේ සිසු සිසුවියන්ට ඊයේ (16 දා) පාසලින් ඉවත්කර ගැනීමට සිසු සිසුවියන්ගේ දෙමවුපියන් කටයුතු කර තිබිණි.

ඊයේ (16 දා) දහවල් 12.30 ට පමණ දෙමව්පියන් පාසල වෙත දිව ගොස් ගුරුවරුන් සමග සාකච්ඡුා කර එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 1500 කට ආසන්න පිරිසක් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබිණි.

බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ බගවන්තලාව ප‍්‍රදේශයේ දෙමවුපියන් පිරිසක් කලබල වී පාසල වෙත දිවයන අවස්ථාවේ බගවන්තලාව පොලිසියේ නිලධාරීන් ද ඒ පිළිබඳව සොයා බැලීමට ගොස් පාසලේ ගොඩනැඟිලි සියල්ලම පරීක්‍ෂා කළ බවයි.

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක එස්. ශී‍්‍රදරන් මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බවයි.

ඡායාරූපය - කමල් බෝගොඩ - හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles