Divaina - දෙමළ දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහය මැද මුලතිව් අභය භූමියේ අක්කර 500ක් බලෙන් අල්ලාගෙන පදිංචිවෙලා ඩෝසර් යොදා එළි පෙහෙළි කරනවා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ප‍්‍රදේශයේ වන සතුන් ගම්මානවලට වැදීමෙන් ජනතාව නොසන්සුන්
 
 දිනසේන රතුගමගේ

 

mulative500
 
 මුලතිව්, කෝකිලායි සිට කොක්කුතුඩුවායි දක්වා විහිදී ඇති කුරුළු අභය භූමියට හා කඩොලාන කැලෑවට අයත් අක්කර 500 කට ආසන්න භූමි ප‍්‍රමාණයක් මේ වන විට පිරිසක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බව ප‍්‍රදේශවාසීහු කියා සිටිති.
 
 ඔවුන් එසේ අල්ලා ගත් ඉඩම්වලින් කොටසක ගොවිතැන් කටයුතු කරගෙන යන අතර ඉතිරි කොටසේ පදිංචි වෙමින් සිටින බවද එම වැසියෝ කියා සිටියහ.
 
 මේ වනවිට විවිධ ප‍්‍රදේශවලින් පැමිණි පිරිසක් කලින් වැසියන් අල්ලාගෙන සිටි ප‍්‍රදේශයට වඩා අලූතෙන් අභය භූමියේ පැවති අක්කර සියයකට ආසන්න ප‍්‍රදේශයක් ඩෝසර් රථ යොදා ගනිමින් එළි පෙහෙළි කොට වගාවන් ආරම්භ කොට ඇති බවද ඔවුහු කියා සිටිති.
 
 ප‍්‍රදේශයේ දෙමළ දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ මෙම ඉඩම් හෙළිපෙහෙළි කොට වගාබිම් ආරම්භ කර ඇති බවත්, එම තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශයේ වන සතුන් හා වල් අලින් අවට ගම්මානවලට ගම්වැදීම හේතුවෙන් එම ජනතාවගේ වගාබිම්වලට විශාල හානියක් සිදුවී ඇති බව ඔවුන් පවසති.
 
 කුරුළු අභය භූමියක් මෙලෙස විනාශ කොට වගා ආරම්භ කිරීම පිළිබඳ ප‍්‍රදේශවාසීන් ලෙස තමන් දැඩි කම්පනයට පත්ව සිටින බවත්, මෙම තත්ත්වය හේතුවෙන් අවට වනාන්තරවල පරිසරයට දැඩි බලපෑමක් සිදුව ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.
 
 ඇතැමුන් වගාබිම් වෙන් කරගෙන ඇති අතර ප‍්‍රාදේශීය සභා මාර්ගයෙන් එම වගාබිම් වෙත ඇතුළුවීම සඳහා නව මංමාවත් ද සකස් කිරීම ආරම්භ කොට ඇති අතර මේ සඳහා දේශපාලනඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් වන විනාශය නවත්වා ගැනීමට කිසිවකුට නොහැකි වී ඇතැයිද කීය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles