Divaina - ගොයම් වැඩවලදී වෙන් වුණු අත වෙනුවට පුතා තාත්තාට කෘතිම අතක් හදා දෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 6වසර දහයකට පෙර තම පියාගේ වෙන්වුණු අත වෙනුවට කෘත‍්‍රිම අතක් සාර්ථකව නිපදවීමට මුලතිව් මල්ලාවී ප‍්‍රදේශයේ තරුණයෙක් සමත් වී තිබේ.

එස්.දුෂ්‍යන්තන් නමැති මෙම තරුණයා විශ්වවිද්‍යාල සිසුවෙකි. ඔහුගේ පියාගේ අත ට‍්‍රැක්ටරයක බැත පාහින පංකාවකට හසු වී මීට වසර දහයකට පෙර වෙන් වී තිබේ.

කනපතිපිල්ලේ පද්මනාදන් නමැති පියා වහාම මල්ලාවී රෝහලට රැුගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මුලතිව් රෝහලට මාරු කොට යැවීමෙන් පසුව රෝහලේදී ඔහුගේ අත ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කොට තිබේ.

සිය පියාට කෘත‍්‍රිම අතක් සවි කිරීමට ගිය අවස්ථාවේදී ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ නිසා කෘත‍්‍රිම අතක් සවි කිරීම පද්මනාදන්ගේ පවුලේ උදවියට සිහිනයක් වී ඇත.

පද්මනාදන්ගේ පුතා වූ දුෂ්‍යන්තන් එදා සිටම උත්සහ කොට ඇත්තේ කෙසේ හෝ සිය පියාට කෘත‍්‍රිම අතක් නිෂ්පාදනය කිරීමටය.

මේ පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුට සිය පියා වෙනුවෙන් කෘත‍්‍රිම අතක් නිෂ්පාදනය කොට සිය පියාට සවි කිරීමට හැකි වී තිබේ.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles