Divaina - බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා අගමැති රනිල් හමුවෙයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p1 1ආචාර්ය සෙයියද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් නායකතුමන් විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගන්නා ලද අවස්ථාව.

බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන ආචාර්ය සෙයියද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් (His Holiness Dr.Syedna Mufaddal Saifuddin) නායකතුමන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් පෙරේදා (10දා) පස්වරුවේ බම්බලපිටිය වෙරළ මාවතේ පිහිටි බෝරා ප‍්‍රධාන පල්ලියේදී පැවැත්විණි.

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී ආචාර්ය සෙයියද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් නායකතුමන් වෙත සිය ස්තුතිය පිරිනැමීය.

මෙහිදී සයිෆුද්දීන් නායකතුමන් විසින් මෙම හමුව සනිටුහන් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණද පිරිනමන ලදී.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවී සහ කි‍්‍රස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග සහ අග‍්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී ප‍්‍රදීප් අමිර්තනායගම් යන මහත්වරු ද සහභාගි වූහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles