Divaina - සාමනේර හිමිවරුන්ට අමානුෂිකව පහර දුන් ‘උටියා’ අත්අඩංගුවට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

uta


ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

බෝතලයෙන් ටොෆි දෙකක් ගත්තැයි හොරොව්පොතන ප‍්‍රදේශයේ පිරිවෙනක ඉගෙනුම ලබන කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට (අවුරුදු 11,14* ඉතා අමානුෂික අන්දමින් පහරදුන් ‘‘උටියා’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වෙළෙඳසල් හිමිකරුවකු ඊයේ (10 වැනිදා* සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වූ මෙම අමානුෂික පහරදීම දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරු හොරොව්පොතාන ප‍්‍රදේශයේදී කොටුකරගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

සැකකරු ඉතා අසභ්‍ය වචනයෙන් බැනවදිමින් කුඩා සාමනේර හිමිවරුන් දෙදෙනාගේ මුහුණට කම්මුලට, හිසට ඉතා අමානුෂික අයුරින් පහර පිට පහර දෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වේ.

සැකකරු 37 හැවිරිදි චමින්ද ගලබොඩ නමැති අයකු බව පොලිසිය කියයි.

මෙම පහරදීම මීට දින තුනකට උඩදී සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හොරොව්පොතාන පොලිසිය දීර්ඝ වශයෙන් ඊයේ (10 දා* රාතී‍්‍ර ප‍්‍රශ්න කරමින් සිටියේය.

දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සැකකරුට එරෙහිව නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
 



sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles