Divaina - දරු දෙදෙනාට වස පොවා පියා එල්ලී මැරිලා...පවුල් ආරවුලක් නිසා උඩප්පුවේ ඛේදවාචකයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 main


 චමින්ද සිල්වා, මහවැව - අමරනන්ද විජේසේකර, ආඬිගම - මිලාන් දේවසිරි
 
උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්පාඩුව කොත්තන්තිව් ප‍්‍රදේශයේ පියෙකු පවුල් ආරවුලක් හේතුවෙන් සිය හත් හැවිරිදි සහ නවහැවිරිදි දරුවන් දෙදෙනාට වසා පොවා මරා ඔහුද නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඊයේ (25දා) පොලිසියට සිරුරු හමුවී ඇත.
 
 මෙලෙස මියගොස් ඇත්තේ පල්ලිවාසල්පාඩුව, කොත්තන්තිව් ප‍්‍රදේශයේ පදිංචිව සිටි අසංක සමන් (31) පියා, විලියම් මැතිව් (09) පුතා සහ එෂෝන් නිම්රෝධ (06) පුතා යන තිදෙනායි. දරුවෝ දෙදෙනා කන්දතොටුවාව විදුහලේ පළමු ශ්‍රේණියේ සහ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබති.
 
 මොවුන් මරණයට පත්වීමට පෙර මියගිය පියා විසින් ඔහුගේ පියා (දරුවන්ගේ සීයා) නිවසින් එළවා දමා ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත. මියගිය පියා සහ දරුවන්ගේ මව අතර පවුල් ආරවුල් තිබී ඇති අතර පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සමථයකට පත්ව සිටි බවද පොලිසියේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය. මොවුන් මියයන අවස්ථාවේ දරුවන්ගේ මව මෙම නිවසින් ගොස් ඇයගේ මවගේ නිවසේ වාසය කර ඇතැයිද හෙළිවී ඇත.
 
 පොලිස් විමර්ශනවලදී නිවසේ මේසය මත තිබී වස කුප්පි දෙකක් හමුවී ඇත.
 
 උඩප්පුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී. ජී. සී. ආර්. ගුණතිලක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක වික‍්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles