Divaina - ලොරියක් ගෙදරක වහළයට... ප්ලේන් එකක් යනවා වගේ ගේ ඉස්සරහින් ඇසුණා..... මම හිටියා නම් කෑලිත් නෑ..... දිවි බේරාගත් ගෙහිමි කාන්තාව කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


lorys1111

කන්දකැටිය ජී චතුරංග

ඇල්ලන්ද උඩරඹුක්කැටිය මාර්ගයේ උඩරඹුක්කැටිය ප‍්‍රදේශයේ දී 12 වැනිදා සවස සිමෙන්ති තොගයක් රැගෙන ගොස් ආපසු එමින් තිබූ ලොරි රථයක් උඩරඹුක්කැටිය ප‍්‍රදේශයේ දී එක්වරම මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 75 ක් පමණ පහළින් වූ ප‍්‍රපාතයක පිහිටි නිවසක වහළය මතට වැටී අනතුරට ලක්ව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියැදුරු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් පිටතට පැන දිවි ගලවා ගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

අනතුරින් ලොරි රථයට හා නිවසේ වහළට, බිත්තිවලට හා ගෘහ භාණ්ඩවලට බරපතළ හානි සිදුව ඇත.

ලොරි රථයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.

අනතුරින් දිවි ගලවාගත් ඞී.එම් සීලවතී මහත්මිය මෙසේ කීවාය.

පොඩි දෙන්නෙක් ඉස්සරහා හිටියා. මම හිටියෙ සාලේ. ගේ ඉස්සරහින් වගේ එක පාරම ගුවන් යානයක් යනව වගේ ඇහුණා. ඒ එක්කම පොළව හෙල්ලෙන්න පටන් ගත්තා. මම ඉස්සරහට දුවන්නේ නැතිව ගේ පස්ස පැත්තෙන් දිව්වා. එතකොටම ගේ ඉස්සරහා කෙඳිරි ගාන ශබ්දයක් ඇහැණා. මම බලද්දි ලොරියක් ගේ උඩට වහළෙත් කඩාගෙන වැටිලා තිබුණා. රියැදුරු කෙඳිරි ගාගෙන හිටියා. කීපදෙනකු එකතු වෙලා එයාව මීගහකිවුල රෝහලට අරන් ගියා. මම ශබ්දේ ඇහෙද්දි ඉස්සරහට දිව්වා නම් මගේ කෑලිවත් හොයා ගන්න බැරි වෙනවා.
 


 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles