Divaina - කොත්මලේ මල්හෑවට කොටි තර්ජන... ප්‍රාථමික විද්‍යාලය වසා දාලා...! පාසල අසල කොටියන් ගැවසෙන අයුරු ගුරුවරු හා සිසුන් දැකලා....!!

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය කරති
 
 ගම්පොල - සුරංග දිල්හාන්

 

kot1kot2
 
 කොත්මලේ මල්හෑව ඇතුළු ගම්මාන රැසක පවතින කොටි තර්ජනයට විසඳුම් ඉල්ලා ගම්වැසියෝ ගම්පොල පූඬළුඔය ප්‍රධාන මාර්ගය මල්හෑවගම ප්‍රදේශයෙන් අවහිර කර දෙවන වරටත් පෙරේදා උද්ඝෝෂණයක නිරත වූහ. මෙම විරොධතාව නිසා පැයකට අධික කාලයක්‌ මාර්ගය අවහිරවී තිබීමෙන් විශාල වාහන තදබදයක්‌ ද ඇති විය.
 
 කොත්මලේ රත්ගම ප්‍රදේශයේ උද්ඝෝෂණය අරඹා මල්හෑව ප්‍රදේශය දක්‌වා පා ගමනින් පැමිණිය ද කිසිදු බලධාරියකු මේ සඳහා සාකච්ඡා කිරීමට නොපැමිණියාහ.
 
 එම නිසා ගම්වාසීහු මල්හෑව ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කර බිම වැඩිවී වාහන ධාවනයට ඉඩ නොදී මෙසේ විරෝධතාවයේ නිරත වූහ.
 
 මෙම කොටි තර්ජන නිසා මේ වන විට මල්හෑව ප්‍රාථමික විද්‍යාලය සම්පූර්ණයෙන් වසා දමා පාසල මල්හෑව ශ්‍රී දළදා කරඬු පුරාණ විහාරයේ හා මල්හෑව ප්‍රජා ශාලාව වෙත රැගෙන ගොස්‌ තිබේ.
 
 පාසල අසල කොටියන් ගැවසෙන අයුරු ගුරුවරු හා සිසුන් දැක තිබීම මෙයට හේතුවී තිබේ. විහාරස්‌ථානයේ හා ප්‍රජා ශාලාවේ පාසල පැවැත්වීමට අවශ්‍ය පහසුකම් නැති කමින් සිසුන්ට බිම වාඩිවී ඉගෙනීම ලැබීමට සිදුව තිබේ.
 
 ගමේ පදිංචිකරුවකු වන රම්බණ්‌ඩා මහතා වෙත කොටියෙක්‌ පැන සපාකෑම නිසා ඔහුට මැහුම් කිපයක්‌ ද යොදා ඇති අතර, මේ වන විට ගමේ සිටි මී ගවයන් කිප දෙනෙකුම මරා දමා ඇති බවත් නිවෙස්‌වල සිටි බල්ලන් 20 ක්‌ පමණ කොටින් රැගෙන ගොස්‌ ඇති බවත් පවසති.
 
 මෙම උද්ඝෝෂකයන්ගේ එකම ඉල්ලීම බවට පත්වූයේ කොටි තර්ජන නිසා තමන්ගේ හා තම දරුවන්ගේ ජීවිත ආරක්‌ෂා කර දෙන ලෙසයි. උද්ඝෝෂකයන් මාර්ගය අවහිර කර සිටන විට පූඬළුඔය පොලිසිය මැදිහත් වී මේ බව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැන්වීය. ඒ අනුව කොත්මලේ සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංගි පෙරේරා මහත්මිය මෙම ස්‌ථානයට පැමිණ උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කළාය.
 
 මෙහිදී පූඬළුඔය පොලිස්‌ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරියට දන්වා සිටියේ ඊයේ (12 දා) රාත්‍රියේද කොටින් දෙනෙකු රාත්‍රී කැමරා දර්ශනවල (සීසීටීවී) සටහන්ව ඇති බවයි. අනතුරුව නුවරඑළිය වනජීවී නිලධාරීන්ට දුරකතන ඇමතුමක්‌ දී සවස 4.00 ට සාකච්ඡාවක්‌ සඳහා ගමෙ විහාරස්‌ථානය වෙත පැමිණෙන ලෙස දැන්වීය.
 
 මෙම සාකච්ඡා පොරොන්දුත් සමග විරෝධාකරුවන් මාර්ගයෙන් ඉවත්වී වාහන ධාවනයට ඉඩ සැලසුවේ සාකච්ඡා අසාර්ථක වුවහොත් මීට වඩා ක්‍රියාමාර්ගයකට යන බව පවසමිනි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles