Divaina - අයිසිස්‌ බෝම්බකරුට ගොදුරුවූ දරු තිදෙනාට දේපළ පවරා දීමට ඩෙන්මාර්කයේ ව්‍යාපාරිකයා තීරණය කර තිබුණා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fori1ඇන්ඩර්ස්‌ පුල්ඩ් පොව්ල්සන් ස්‌කොට්‌ලන්තයේ විශාලතම ඉඩම් හිමියායි. ඔහු සතුව අක්‌කර 220,000 කින් යුත් වතු 12 ක්‌ ඇත. නිවාඩුවක්‌ ගත කිරීම සඳහා තම දරුවන් සිව්දෙනා සමග මෙරටට පැමිණි පොව්ල්සන්s සිය දිවියේ බරපතළම ෙ€දවාචකයට මුහුණ පෑවේය.
 
 ඒ පාස්‌කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි සහ සුපිරි සංචාරක හෝටල් කීපයකට එල්ල වූ අයිසිස්‌ ප්‍රහාරවලින් දරුවන් තිදෙනකු මිය යැමයි.
 
 මෙරටට පැමිණීමට පෙර ඔහු ස්‌කොට්‌ලන්තයේදී පැවසූවේ තමාගේ මරණින් පසු සිය වතු යායන් සංරක්‍ෂණය කිරීම සඳහා එම වතු දරුවන් සිව්දෙනාගේ නමට ලියන බවයි.
 
 අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වනවිට ඇන්ඩර්ස්‌ ප්‍රමුඛ පවුලේ අය ශැංග්‍රීලා හෝටලයේ උදේ ආහාර ගනිමින් සිටි බව හෙළි විය.
 
 මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමකින් ඇන්ඩ්ර්ස්‌ පූල්ඩ් තුවාල ලැබීය.
 
 එහෙත් ඇස්‌ටි්‍රට්‌, ඇග්නස්‌, ඇල්µඩ් සහ ඇල්වා යන දරුවන් සිව්දෙනාගෙන් තිදෙනකු මරුමුවට පත් විය. මේ මියගිය දරුවන් තිදෙනා කවුදැයි මෙතෙක්‌ හෙළි වී නැත. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඇන්ඩර්ස්‌ පොව්ල්සන් තවදුරටත් සඳහන් කළේ තම වතුයායේ සිටින වනසතුන් වඳ වී යන නිසා රැක ගැනීමේ අරමුණින් වසර 200 ක සැලසුමක්‌ ඇති බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම දරුවන් සිව්දෙනාට භාර කරන බවයි.
 
 ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වූ ඇන්ඩර්ස්‌ 2010 දී ස්‌කොට්‌ලන්තයේ පිහිටි ඉතාමත් දර්ශනීය දූපත වූ ලොච් එරිබෝල් ස්‌ටර්ලින් පවුම් මිලියන 7 කට මිලයට ගත්තේය.
 
 අයිසිස්‌ ත්‍රස්‌තයන් සිදු කළ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට බ්‍රිතාන්‍ය නීතිවේදිනි අනිටා නිකොල්සන් ඇගේ පුත්‍රයා සහ දියණියද ගොදුරු විය.
 
 මේ අතර ඇන්ඩර්ස්‌ගේ වත්කම ස්‌ටර්ලින් පවුම් බිලියන 5.4 ක්‌ වේ.
 
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles