Divaina - තිස්ස නිදහස්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 4පසුගිය ජනාධිපතිවරණ සමයේදී කොළඹ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී තමන් විසින් ඉදිරිපත් කළ ලේඛනය මගින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා ජනාධිපති  මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යම්කිසි සිත් තැවුලක්, හානියක් හා පාඩුවක් සිදු වූයේ නම් එයට කනගාටුව පළකර විවෘත අධිකරණය හමුවේ සමාව අයැද සිටි තිස්ස අත්තනායක මහතාව සියලූම අධි චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා ඊයේ (24 දා* නියෝග කළේය.

එම නඩුව ඊයේ කැඳ වූ අවස්ථාවේදී විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්‍ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් විත්තිකාර තිස්ස අත්තනායක මහතා විසින් 2014 වසරේ දෙසැම්බර් මස නඩුවට පාදක වූ ලේඛනය ඉදිරිපත් කරමින් කළ ප‍්‍රකාශය මගින් පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්‍ෂිකරුවන් වන රනිල් වික‍්‍රමසිංහ මහතාට හා මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යම්කිසි සිත්තැවුලක් හානියක් හෝ පාඩුවක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් විත්තිකරු කනගාටුව ප‍්‍රකාශ කර සමාව අයැද සිටින බවත් එවැනි ලේඛන කෙරෙහි ඉදිරියේදී විශ්වාසය තබා කටයුතු නොකරන බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන් පරිදි එලෙස කනගාටුව ප‍්‍රකාශ කර සමාව අයැදීමට සූදානම් දැයි විනිසුරුවරයා එහිදී විත්තිකූඩුවේ සිටි විත්තිකාර තිස්ස අත්තනායක මහතාගෙන් ප‍්‍රශ්න කර සිටි අතර එලෙස සමාව අයැදීමට සූදානම් බව තිස්ස අත්තනායක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

අගතියට පත් පාර්ශ්වය වන පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්‍ෂිකරුවන් ලෙස නම් කොට ඇති අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් සමාව අයැද කනගාටුව ප‍්‍රකාශ කිරීමට විත්තිය සූදානම් බව කළ දැනුම් දීම අනුව නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට නීතිපතිවරයා අපේක්‍ෂා නොකරන බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා චෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව විත්තිකරු සියලූ අධි චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමටත්, අධිකරණය භාරයේ තිබූ විදේශ ගමන් බලපත‍්‍රය ආපසු භාරදීමටත් නියෝග කළේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශමින්‍ද්‍ර වික‍්‍රම, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ප‍්‍රභාත් දිසානායක යන මහත්වරුන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ යසස් ද සිල්වා, මෙත්සිරි පරණවිතාන, මුදිත් දිසානායක, නිරෝෂන් පෙරේරා හා ලක්මි ජයවික‍්‍රම මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා රනිල් වික‍්‍රමසිංහ හා මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles