Divaina - බුර්කාවකින් සැරසුණු අයෙක් දැලේ - සැකකරු ඇල්ලූවේ හැදල ගම්මු

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 1කාන්තාවක ලෙස බුර්කාවකින් සැරසී වත්තල හැඳල ප‍්‍රදේශයේ සැරිසැරූ අයකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන පහර දී වත්තල පොලිසිය වෙත පෙරේදා (23 වැනිදා) භාර දී ඇත.

සැකකරු පරිගණක ඉංජිනේරුවකු බවත් මරදාන පංචිකාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවිය.

තමන් තම අනියම් බිරිඳ බැලීමට වත්තල ප‍්‍රදේශයට මෙසේ වෙස් වලාගෙන පැමිණි බව අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයා පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

සැකකරු බුර්කා ඇඳුමින් සැරසී ෆර්දාවකින් මුහුණ වසාගෙන වත්තල හැඳල ප‍්‍රදේශයේ සැරිසරමින් සිට ඇතිබව පොලිසිය පවසයි.

මොහු වතුර වීදුරුවක් පානය කිරීමට ආපන ශාලාවකට ගොස් ෆර්දාව අඩක් ඉවත් කළ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් ඔහු පිරිමියකු බව දැක ඇත.

පසුව ප‍්‍රදේශවාසීන් මොහුගේ බුර්කාව ඉවත් කර අමානුෂික ලෙස පහර දී වත්තල පොලිසිය වෙත භාර දී තිබිණි.

පොලිසිය පවසන්නේ මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට පවා මේ ආකාරයට බුර්කාවලින් සැරසී ඕනෑම පුද්ගලයකුට පැමිණිය හැකි බවයි. එබැවින් අවධානයෙන් සිටින ලෙස ද පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

හේමන්ත රන්දුණු
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles