Divaina - ආණ්ඩුව විවර කළ බෙදුම්වාදයේ දොරටුවෙන් ගෙට ඇතුළු වූ ISIS මාරයා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

rana1ශී‍්‍ර ලංකාව අරබයා කි‍්‍රයාත්මක වීමේදී යුද ජයෙන් පසු අතිශය සාර්ථකව ඉදිරි මෙහෙයුම් දියත් කළ මෙරට ආරක්‍ෂක බුද්ධි අංශ දැඩි බාධකයක් බවට කොටි ඩයස්පෝරාව ඇතුළු සියලූ පාර්ශ්ව හ`දුනාගෙන තිබිණි. තම අරමුණ වෙත යෑමට නම් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක ආරක්‍ෂක බුද්ධි ජාලය විනාශ කළ යුතු බව ඔවුහු දැන සිටියහ.

යහපාලන ආණ්ඩුව දේශපාලන වේදිකාවන්හි මතු කළ එක්නැලිගොඩ ලසන්ත, තාජුඞීන් ආදී වශයෙන් වූ අපරාධමය සිදුවීම් මතුකර පෙන්වමින් මෙහිදී ඉදිරියට ආවේ යුද සමයේ සැ`ගවී සිට යහපාලනයත් සම`ග මතුවූ මෙරට කි‍්‍රයාත්කමව සිටි එන්ජී ඕ තක්කඩිය.

ඔවුන් තැන තැන හඩ නගමින් ලසන්ත වික‍්‍රමතුංගලා, තාජුඞීන්ලා, රවිරාජ්ලා, එක්නැලිගොඩලා පිළිබ`ද යහපාලනයට මතක් කරන්නට විය. ඒ අපරාධයන්හි කොටස්කරුවෝ යුද සහ නාවික බුද්ධි නිලධාරීහු බවද කියන්නට වූහ. මෙහිදී එන්ජී ඕ තක්කඩි තුළින් මතුවූයේ කොටි ඩයස්පෝරාවේ හඩය.

විජාතික කදවුරේ සහ කොටි ඩයස් පෝරාවේ මෙන්ම එන්ජී ඕ තක්කඩින්ගේ පදේට ර`ගන්නට වූ රහස් පොලීසියේ ඩුප්ලකේට් ෂර්ලොක් හෝම්ස්ලා ජාතික ආරක්‍ෂාව බල්ලට දමමින් පසුගිය කාලයේ දිගින් දිගටම මේ රටේ බුද්ධි අංශ දඩයම් කරද්දී එක් කරුණක් අපි පැහැදිලිවම පෙන්වා දුන්නෙමු.

සිදුවන නින්දිත දඩයම හමුවේ ජාතික ආරක්‍ෂාව බි`දවැටීමෙන් කොයි මොහොතක හෝ රටක් වශයෙන් අපට උහුලාගත නොහැකි ප‍්‍රහාරයකට මුහුණ දීමට සිදුවන බව අප එසේ පෙන්වා දුන් කරුණ විය.

එහිදී ජිහාඞ්, අල්කයිඩා ලෙසින් මුලදී ඇරඹී අද වන විට ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදය නමින් ලොවපුරා ව්‍යාපත්ව තිබෙන අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදයේ සෙවනැලි ශී‍්‍ර ලංකාවට එබිකම් කරන අන්දම මෙන්ම ඉස්ලාම් ආගමික අන්තවාදය මේ රට තුළට ඇතුළු වී තිබෙන ආකාරය සහ යළි හිස එසැවීමට වෙරදරන කොටි ත‍්‍රස්තවාදයේ තරමද අපි මැනවින් රටට හෙළි කළෙමු.

එහෙත් සිදුවූයේ කුමක්ද? අප මේ කරුණු පෙන්වා දෙන විට සරල භාෂාවෙන් කිවහොත් ඩෝං ගියේ එජාපයේ වත්මන් කුජීත දේශපාලනයට ය. අප මෙහිදී වත්මන් කියනුයේ එජාපයේ දේශපාලන ඉතිහාසය ආරම්භක අතීතයේ මෙවන් වූ නින්දිත තැනක නොවූ නිසාය.

එසේ ඩෝං ගිය අය අවසානයේ සිදුවන විනාශයේ යථාර්ථය පෙන්වා දෙන ඇතැම් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හ`දුන්වන්නට වූයේ ඌරෝ, බල්ලෝ, පිස්සෝ, බූරුවෝ සහ සක්කිලි ආදී ලෙසින් වූ ගෞරව නාම සහිතවය. එසේ කතා කළ ඔවහු රටත්, ජනතාවත් රටේ ජාතික ආරක්‍ෂවත් පාවාදීම උපරිමයටම සිදු කළහ. එසේ නොකළේ යැයි කියන්නට අද රට පාලනය කරන කිසිවකුටත් හදවතට එක`ගව හැකියාවක් තිබේද?

ඉන් නොනැවතී ඔවුහු එසේ සත්‍ය හෙළි කරන මාධ්‍යවේදීන් දඩයම් කිරීමද ඇරඹීය. අවශ්‍යව තිබුණේ එකී මාධ්‍යවේදීන් නිහ`ඩ කිරීමය. ඒ ස`දහා භාවිත කරනු ලැබුවේ විනාශයේ කසකරුවන් වූ සීඅයිඞීයේ ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාට නිලයේ බලය අනුව හිමිවී තිබූ නීතියේ තුරුම්පුය.

එහෙත් මේ සට්ටඹින් රැු`ගූ අසමජ්ජාති රැු`ගිල්ල හමුවේ අද සිදුව ඇත්තේ කුමක්ද? එහි අවසන් ප‍්‍රතිඵලය වී තිබෙන්නේ මේ රටට සාමය උදාවී දවසරකට පසුව යළි අපේ මිනිසුන්ගේ රුධිරයෙන් මේ බිම rana2සේදී යෑම නොවේද? බාල, මහළු, තරුණ ආදී වශයෙන් කිසිදු බේදයකින් තොරව සාමයේ සුවය සම`ග මේ රටේජීවත් වූ හාරසියයකට ආසන්න මිනිසුන් පිරිසක් ජීවිතවලින් වන්දි ගෙවී නොවේද?

එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව අප කළ සටන විජයග‍්‍රාහීව නිමාවට පත්වූයේ ඉකුත් 2009 වසරේ මැයි මස 19 වැනිදාය. එතෙක් තිස් වසරක් පුරාවට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ලෙසින් වූ සමස්ත ජනතාව ජීවත් වූයේ මරණය දෝතට ගෙන වූහ.

මිනීමරු ප‍්‍රභාකරන්ගේ ම්ලේච්ඡුත්වය හමුවේ ඇටවූ බෝම්බයකින් අපේම මිනිසුන්ගේ සිරුරු සුණුවිසුණු වී යද්දී ජීවත් වූවෝ එදා මහම`ග ගියේ ඇවිදින මළමිනී සේය. 2009 වසරේ මැයි මස අවසන් වූයේ ඒ භීෂණය ය. එදා මේ රටේ මිනිස්සු සතුටට කිරිබත් කෑහ. යළිත් එවන් යුගයක් උදා නොවේවායි පැතුම් පිරීහ. එහෙත් වත්මන් පාලනය අද විනාශ කර දමා ඇත්තේ ඒ අහිංසක මිනිසුන්ගේ ප‍්‍රර්ථනාවන් නොවේද? ඉන් කියැවෙන්නේ මේ රජය ජනතාවාදී නොවූ අන්තිම අසමත් ආණ්ඩුවක් බව නොවේද?

මේ රට තුළ ඉස්ලාම් අන්තවාදය දළු ඉති දමා සීඝ‍්‍රයෙන් වර්ධනය වීම ආරම්භ වූයේ අප එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුවය. වරක් ඉකුත් 2014 වසරේදී නැගෙනහිර ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූ මේ ලියුම්කරු ‘නැගෙනහිර ඇවිලෙන මුස්ලිම් අන්තවාදයේ ගින්න’ ලෙසින් මේ ඇත්ත ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ සති නවයක් පුරා සටහන් කළෙමු.

යුද්ධයෙන් පසු ඉස්ලාම් අන්තවාදය මේ රට තුළ ප‍්‍රචණ්ඩකාරීව මතුවීමට දැරූ ප‍්‍රථම උත්සායහ වූයේ ‘ගී‍්‍රස් යකා’ ලෙසින් යුද්ධයේ අවසානයත් සම`ග මතුවූ සිදුවීම් පෙළ ඔස්සේය.

ජිහාඞ් අන්තවාදය එසේ මතුවීමට උත්සාහෙ දරුවද එදා මේ රටේ හමුදා බුද්ධි අංශ අඛණ්ඩව ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම නිසා එය ලත් තැනම ලොප් කිරීමට අපට හැකිවිය.

එසේ වූයේ යුද්ධය අවසන් වුවද රට තුළ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් උපරිමයෙන් බුද්ධි කි‍්‍රයාකාරකම් කි‍්‍රයාත්මකව තිබූ නිසාය. ඒ අන්දමට යුද්ධය අවසානයත් සමග මේ රට තුළට එබිකම් කරනු ලැබූ ඉස්ලාම් අන්තවාදය ත‍්‍රස්තවාදයක් සේ මතුවීමට අවස්ථා කිහිපයකදීම කටයුතු කළද ඒ සියල්ල සාර්ථකව ව්‍යර්ථ කිරීමට එදා ආරක්‍ෂක බුද්ධි අංශ සමත් විය.

යුද්ධයකට මුහුණ දුන් රටක් එය අවසානයේ යුද මෙහෙයුම් නිමා වුවද බුද්ධි මෙහෙයුම් තව තවත් ශක්තිමත්ව කරගෙන යෑම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නකි. එසේම යුද ගැටුමකට මැදිහත් නොවූවද ලොව ඕනෑම රාජ්‍යයක් ජාතික ආරක්‍ෂාව අරබයා බුද්ධි මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සිදු කරයි.

මේ තත්ත්වය 2009 වසරේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකා ආරක්‍ෂක බුද්ධි අංශ විසින්ද ඉතාම සාර්ථකව කරගෙන යනු ලැබීය. එහිදී රට තුළ යළි හිස එසැවීමේ අවදානමක් තිබූ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය සේම ඉස්ලාම් අන්තවාදී කි‍්‍රයාකාරකම් පිළිබ`දවද උකුසු න්‍යායෙන් කි‍්‍රයාත්මක වීමට ආරක්‍ෂක බුද්ධි අංශ කටයුතු කළේය.

යුද්ධය නිමාවට පත්වූ ඉකුත් 2009 වසරේ සිට ඉකුත් 2015 වසර දක්වාම මේ සියල්ල රට තුළ සාර්ථකව සිදුවිය. අද අප මුහුණ දී සිටින අවාසනාව මතුන්නේ ඉන් පසුවය. පැහැදිලිව කිවහොත් 2015 අගොස්තු මාසයේදී බලයට පත්වූ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන යහපාලනය සමගය.

එතැන් සිට සිදුවූයේ කුමක්ද? ආණ්ඩුව සිටියේ ඇමරිකාව ප‍්‍රධාන බටහිර වන්දනාවකය. කොටි ඩයස්පෝරාව සිටියේ බටහිර ක`දවුරේ රැුකවරණයේය. මේ රට බෙදා වෙන්කර ඔවුන්ගේ සාදාකාලික වුවමණාව මේ රට බෙදා වෙන්කර ඊළම

දිනාගැනීමය. එය බටහිර ක`දවුරද අනුමත කළ ඔවුන්ගේ අරමුණක්ද විය. ඒ තුළ වූයේ ඇමරිකාව ප‍්‍රධාන බටහිර ක`දවුරේ යුද මර්මස්ථානයක් බවට ශී‍්‍ර ලංකව පත්කර ගැනීමය.

මෙහිදී ශී‍්‍ර ලංකාව අරබයා කි‍්‍රයාත්මක වීමේදී යුද ජයෙන් පසු අතිශය සාර්ථකව කි‍්‍රයාත්කම වෙමින් තිබූ මෙරට ආරක්‍ෂක බුද්ධි අංශ දැඩි බාධකයක් බවට කොටි ඩයස්පෝරාව ඇතුළු සියලූ පාර්ශ්ව හ`දුනාගෙන තිබිණි. තම අරමුණ වෙත යෑමට නම් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක ආරක්‍ෂක බුද්ධි ජාලය විනාශ කළ යුතු බව ඔවුහු දැන සිටියහ.

යහපාලන ආණ්ඩුව දේශපාලන වේදිකාවන්හි මතු කළ එක්නැලිගොඩ ලසන්ත, තාජුඞීන් ආදී වශයෙන් වූ අපරාධමය සිදුවීම් මතුකර පෙන්වමින් මෙහිදී ඉදිරියට ආවේ යුද සමයේ සැ`ගවී සිට යහපාලනයත් සම`ග මතුවූ මෙරට කි‍්‍රයාත්කමව සිටි එන්ජී ඕ තක්කඩිය.

ඔවුන් තැන තැන හ`ඩ නගමින් ලසන්ත වික‍්‍රමතුංගලා, තාජුඞීන්ලා, රවිරාජ්ලා, එක්නැලිගොඩලා පිළිබ`ද යහපාලනයට මතක් කරන්නට විය. ඒ අපරාධයන්හි කොටස්කරුවෝ යුද සහ නාවික බුද්ධි නිලධාරීහු බවද කියන්නට වූහ. මෙහිදී එන්ජී ඕ තක්කඩි තුළින් මතුවූයේ කොටි ඩයස්පෝරාවේ හ`ඩය.

එය වටහා ගැනීමේ වුවමනාවක් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන යහපාලන රජයට නොවීය. එන්ජී ඕ නරි බෙරය වයද්දී යහපාලනය නැටුම ඇරඹීය. මෙහිදී විජාතික ක`දවුරේ සහ ඩයස්පෝරාව අත තිබූ නූල කොනේ රැදි රූකඩ බවට පත්ව සිටියේ සීඅයිඞීයේ ඩුප්ලිකේට් ෂර්ලොක් හොම්ස්ලාය.

ආණ්ඩුව එන්ජී ඕ පදයට නටද්දී බටහිර ක`දවුරේ සහ ඩයස්පෝරාවේ වුවමනාව අනුව ඩුප්ලිකේට් ෂර්ලෝක් හෝම්ස්ලා බිය සැක නැතිවම වැඩ ඇරඹීය.

ප‍්‍රභාකරන්ගේ තිස් වසරක ශාපයෙන් රට බේරාගෙන රටටත් ජනතාවටත් සාමය දිනා දුන් බුද්ධි අංශ විරුවෝ එකා පිට එකා මිනී මරුවන් කරමින් දඩයම ඇරඹීය. මෙහිදී විශේෂයෙන්ම ඉලක්ක වූයේ අවසන් සටනේදී රට වෙනුවෙන් උපරිමය සිදුකළ බුද්ධි අංශ විරුවෝ නොවූයේද?

අප ඒ ප‍්‍රශ්නය දැන් අහන්නේ ජිනීවා සහ විජාතික ක`දවුර දෙස බලා පසුගිය කාලයේ රට වෙනුවෙන් උපරිමයෙන් කැපවූ බුද්ධි අංශ රණවිරුවන් තෝර තෝරා අත්අඩංගුවට ගෙන සිරගත කළ සීඅයිඞීයේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ මහත්වරුන්ගෙන්ය.

පැහැදිලි සාක්‍ෂි කිසිවක් නොවීය. තිබුණේ නිර්මාණය කළ සහ වෙනත් කතාය. එහෙත් රට බේරා ගන්නට ෂතුරු ක`දවුරු වෙත ගොස් ජීවිත පරදුවට තබා කටයුතු කළ බුද්ධි අංශ විරුවෝ එක පෙළට මිනී මරුවෝ වූහ. එහිදී යුද හමුදා බුද්ධි බළකායේ ප‍්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් ුඅමල් කරුණාසේකර සිරගත කරන තැන දක්වාම වැඩ සිදුවිය.

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන ආණ්ඩුවේ මහත්වරුනි, රටේ බුද්ධි ජාලය කඩා නොවැටුණේ මෙවන් මජර වැඩ නිසා නොවේද? සියලූ විනාශයන්ට දොරටු විවර වූයේ මේ පාවා දීම් නිසා නොවේද?

මෙහිදී ඩයස්පෝරාවේ සහ ඇමරිකාව ප‍්‍රධාන බටහිර ක`දවුරේ අරමුණ වූයේ මේ රට යළි බෙදුම්වාදයට දෙසට තල්ලූ කිරීමය. ඔවුන් මේ රටේ බුද්ධි අංශ අඩපණ කරවමින් විවර කරගන්නට වූයේ ඒ ස`දහා අවශ්‍ය දොර කවුළුය. එහෙත් ඒ දොර කවුළු විවර වෙද්දී වෙනකකු ඒ තුළින් රිංගා යනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැත. අප මාධ්‍යයක් ලෙස කොතෙක් පෙන්වා දුන්නද බටහිර සරණං ගච්ඡුාමී කියමින් රට පාලනය කරන්නට වූ ආණ්ඩුවටද එවැන්නක් වැටුහුණේ නැත. ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ අති භිහිසුණු ප‍්‍රහාරයකට මේ රට ගොදුරු වූයේ මේ නිසා නොවේද?

මේ රටේ අහිංසක මිනිසුන් හාරසියයකට පමණ දිවි අහිමි වෙද්දී දහසකගේ පමණ රතු ලෙයින් මේ පිංබිම යළි සේදී ගියේ ආණ්ඩුව දැන දැන සිදු කළ මේ අපරාධය නිසා නොවේද?

දැන් ඒ මිනිසුන්ට අසමත් ආණ්ඩුවක් හමුවේ ජීවිත අහිමි වී අවසන්ව ඇත. එහෙත් බරපතළම කරුණ වන්නේ මෙයට වගකිවයුතු කිසිවකුත් නොවීමය. මේ අවාසනාවන්ත සිද්ධියට අප මුහුණ දුන්නේ විදේශීය ඔත්තු සේවා පවා ප‍්‍රහාරය එල්ල කරනු වුන් සේම ඒ භිහිසුණු ප‍්‍රහාරය එල්ලවන තැන් සහ ඒවා සිදුවන වේලාවද රාජ්‍ය බුද්ධි සේවයට දන්වා තිබියදීය.

රාජ්‍ය බුද්ධි සේවය ඒ සියල්ල ආරක්‍ෂක ලේකම්වරයාට සහ ජාතික බුද්ධි ප‍්‍රධානියාට වාර්තා කරීමටද පියවර ගෙන ඇත. එසේ නම් මේ මූසල ප‍්‍රහාරය එල්ල කිරීමට ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ට හැකිවූයේ ඇයි.

හේතුව සුළු ජන ඡුන්ද පදනම හමුවේ බලයට කෑදර වූ අපේ පාලකයන් හිරිවැටී සිටීම නොවේද? අද ජනාධිපතිවරයා කියනුයේ තමන් මේ බවක් දැන නොසිටි බවකි. එසේම අගමැතිවරයා කියන්නේද ඒ කතාවමය. ආණ්ඩුවේ සෙසු දේශපාලන චරිතවල ශී‍්‍ර මුඛයන්ගෙන් පිටවෙමින් තිබෙන් ඒ කතාවමය.

ඉතින් මෙයාලා මොනතරම් තොත්ත බබ්බුද? ඉන් එහා කියන්නට දෙයක් නැත. හාරසියයකට ආසන් රටේ ජනතාවක් අමු අමුවේ මරා දැමෙන තරමේ ප‍්‍රහාරයක් පිළිබ`ද හෙළිවී තිබියදී එය නොසළකා කටයුතු කර තිබේනම් මොවුන්ට බබාලා කියනු හැර වෙන කුමක් කියන්නද?

මෙහිදී අද හො`දම කතාව කියන්නේ පොලිසියය. මේ ප‍්‍රහාරයේ මූලික කතාව ඇරඹෙන්නේ ඉකුත් කාලයේ මාවනැල්ලේ සිදුවූ බුදු පිළිම කඩා දැමීමේ සිද්ධියත් සමගිනි. එහිදී මාවනැල්ලේ සිටි තරුණයන් පිරිසක් මීට මාස 7 ට පමණ ඉහතදී එසේ බුදු පිළිම කඩාබි`ද දැමීමේ නිරතව සිටි මුස්ලිම් තරුණයකු අල්ලා ගනු ලැබීය.

පසුව ඒ පිළිබ`ද ඉදිරි විමර්ශන භාර වූයේ අපේ ඩුප්ලිකේට් ෂර්ලොක් හොම්ස්ලා සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. විමර්ශන ඇරඹිණි. කාලය ගෙවී යද්දී පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉම්ලාම් අන්තවාදී කල්ලියේ ප‍්‍රධාන මර්මස්ථානයක් සොයා ගැනීමට සීඅයිඞීය සමත් විය.

ඒද නිකම්ම නොව සී 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් සියයක් සහ තවත් ප‍්‍රහාරක උපකරණ රැුසක් සම`ගය. මේ අත්අඩංගුවට ගැනීම මාධ්‍යයෙහිද පළවිය. එසේ වුවද ඉන් එහා සිදුවූ දෙයක් කිසිවකුටත් දැනගැනීමට නොහැකි විය.

මේ අතරේ අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ගේ භිහිසුණු ප‍්‍රහාර මාලාවේදී කොළඹ තරු හෝටලයකට එල්ලවූ ප‍්‍රහාරයක් අතරතුර වනාතවිල්ලූවේදී පුපුරණ ද්‍රව්‍ය සම`ග කොටුවූ කණ්ඩායමේ ප‍්‍රධානියා වූ අහමඞ් ඊබ‍්‍රාහිම් නමැත්තා මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු ලෙස ප‍්‍රහාරයට පැමිණ මියගොස් සිටි බවක් ද වාර්තා විය.

එසේ නම් සී4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක් ඇතුළු ප‍්‍රහාරක උපකරණ රැුසක් සම`ග අත්අඩංගුවට ගනු ලැබූ මේ ත‍්‍රස්තවාදියා නිදහස්ව ගියේ කෙසේද? ඒ පිටුපස සිටිනුයේ කවරෙක්ද?

මේ විර්ශනය සිදු කෙරුණේ වත්මන් රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ බව ඒ දිනවල ස`දහන් වූවකි.

සැබැවින්ම රහස් පොලිසිය යම් විමර්ශනයක් කරන්නේ නම් එය සිදු වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ එහි අධ්‍යෂවරයාගේ අධීක්‍ෂණය යටතේ මිස එල්ටීටීඊ සමයේ කොටි පොලෙිසියේ ලොක්කා වූ නඬේසන්ගේ අධීක්‍ෂණය යටතේ නොවේ.

එසේ නම් වනාතවිල්ලූවෙන් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් වූයේ කෙසේදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් දැන සිටිය යුතුය.

පසුගිය කාලයේ හමුදා බුද්ධි අංශවලට එරෙහි විමර්ශනයන්හිදී සීඅයිඞීය කටයුතු කළේ මෙසේද? දඅරකථන ඇමැතුමක් ගෙන තිබුණේ යැයි කියමින් පවා බුද්ධි නිලධාරීන් සිරගත කිරීමට කටයුතු නොකළේද? රට බේරාගත් විරුවන් අරබයා එසේ කටයුතු කළ සීඅයිඞීය වනාතවිල්ලූවේ ත‍්‍රස්තවාදීන් පිළිබ`ද මෙසේ ළදරු න්‍යායෙන් කි‍්‍රයාත්මක වූයේ ඇයි? එයට කුමක් හේතු වූයේද?

ඉකුත් 21 වැනිදා අමු අමුවේ මරා දැමුණු මේ රටේ අහිංසක මිනිසුන්ගේ නාමයෙන් එය රටට හෙළි කරන්නට සීඅයිඞීය වහා පියවර ගතයුතුව ඇත.

එහෙත් එසේ වූයේ කෙසේදැයි තවම රටේ කිසිවකුත් නොදන්නේය. සත්‍ය එය වුවද ඊයේ (24 වැනිදා* මාධ්‍ය හෙළි කර තිබුණේ වනාතවිල්ලූවේදී පුපුරණ ද්‍රව්‍ය සම`ග පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදීන් 160 ක පමණ පිරිසක් මේ වන විටත් රට තුළ සිටින බව වනාතවිල්ලූව විමර්ශනයේදී ඉකුත් දෙසැම්බර් මාසයේදී පොලිසිය හෙළිකරගෙන තිබෙන බවය.

එම ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම පමා වූයේ ආරක්‍ෂක අමාත්‍යංශය ඇතුළු අනිකුත් පාර්ශ්වවලින් සහාය නොලැබුණු නිසා යැයි යන්නය. මෙය හතරබීරි කතාවකි. සීඅයිඞීයේ මහත්වරුන්ට ආණ්ඩුව පඩි ගෙවන්නේ රටේ ජනතා මුදලිනි.

එසේ නම් මහත්වරුනි රට තුළ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදීන් 160 ක් සැ`ගවී සිටින බවට අනාවරණය වී තිබියදී ඒ පිරිස අත්අඩංගුවට ගැනීම ස`දහා කටයුතු නොකර කාගෙන්වත් උපදෙස් ලැබෙනතුරු බලා සිටියේ අහවල් කෙංගෙඩියකටද?

සීඅයිඞීයේ මහත්වරුන්ට ජනතා මුදලින් පඩි ගෙවමින් නිල ඇ`දම් ඇතුළු සියලූ පහසුකම් ලබා දෙන්නේ ත‍්‍රස්තවාදීන් පිරිසක් පිළිබ`ද කරුණු අනාවරණය වූ විට මෙසේ දාම් අදින්නද?

එදා මේ පිරිසි පිළිබ`ද අනාවරණය වීමෙන් පසු කඩිනමින් විමර්ශන සිදු කර ඔවුන් කොටුකර ගත්තේ නම් බොහෝ විට අපේ‍්‍රල් 21 වැනිදා මේ රටේ අහිංසක මිනිසුන් හාරසියයකට ආසන්න පිරිසකට භිහිසුණු අයුරින් මරණය වැළ`ද ගැනීමට සිදුවූ ඉස්ලාම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය එල්ල වීමට තිබුණු අවස්ථාව ඇහරී යෑමට ඉඩ තිබිණි.

එහෙත් අවාසනාවට එය සිදුව නැත. එසේ නම් මියගිය මිනිසුන්ගේ ආත්මයන්ට සැනසීමක් දෙන්නට මේ මොහොතේවත් එකී ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි හෙළි කිරීමට රහස් පොලිසිය කටයුතු කළ යුතුය.

සමන් ගමගේ

සංස්කරණය - සමන් ගමගේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles