Divaina - මානව හිමිකම් කොමසාරිස්ගේ යෝජනා ඉවතට - හයිබි‍්‍රඞ් උසාවියක් ශ‍්‍රී ලංකාවට එපා ! - විදේශ අමාත්‍ය තිලක් මාරපන ජිනීවා සමුළුවට කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 2ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රධාන යෝජනා දෙකක් ප‍්‍රතික්‍ෂේප කර ඇත. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කාර්යාලය පිහිටුවීම හා හයිබි‍්‍රඞ් අධිකරණය පිහිටුවීමේ යෝජනා ප‍්‍රතික්‍ෂේප කරන බව 40 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කර ඇත.

තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ විදෙස් විනිසුරුවන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

එම නිසා මේ යෝජනා කෙසේවත් ක‍්‍රියාත්මක කළ නොහැකි බව හෙතෙම අවධාරණය කර සිටියේය.

මාරපන මහතා මෙම ප‍්‍රකාශය කළේ ශ‍්‍රී ලංකාවට හයිබි‍්‍රඞ් අධිකරණයක් අවශ්‍ය බවට මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් කළ ප‍්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

ශ‍්‍රී ලංකාව සියලූ ක‍්‍රියාමාර්ග ගන්නේ ව්‍යවස්ථාවට අනුව බවත් ඇමැතිවරයා සඳහන් කළේය. මාරපන මහතාගේ මෙම ප‍්‍රකාශයත් සමග සමුළු ශාලාවේ රැුස්ව සිටි දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් දැඩි නොසන්සුන්තාවකට පත් වූ බවක් දක්නට ලැබිණී.

ශ‍්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් ජාත්‍යන්තර ප‍්‍රජාව කිසිදු සාධාරණ විභාගයක් පවත්වා නැතැයි ද මාරපන මහතා කියා සිටියේය.

මේ අතර හිටපු ඇමැති ආචාර්ය සරත් අමුුණුගම මහතා ‘දිවයින’ට ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාවට නිසි පිළිතුරක් ලබා දී ඇති බවය.

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles