Divaina - සේනා මඬින්න කුළුබඩුවලින් දියරයක් මහියංගණයේදී සාර්ථක වෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 2සේනා දළඹුවා මර්දනය සඳහා වස විසෙන් තොර දේශීය කුළුබඩු යොදාගනිමින් සෑ¥ නව දියර මිශ‍්‍රණයක් මහියංගණයේදී සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත.

ඌව පළාත් කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් ක‍්‍රියාත්මක ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මාක`දුර විශේෂ කාබනික වගා කේන්ද්‍රය එක්ව ක‍්‍රියාත්මක දිරිය සවිය කාබනික වගා ව්‍යාපෘතිය යටතේ සේනා දළඹුවන් මර්දනය ස`දහා දේශීය කුළුබඩු යොදාගනිමින් නව දියර මිශ‍්‍රණයක් නිෂ්පාදනය කර ඇති අතර කෘෂිකර්ම නිලධාරීන් ඉදිරිපිටදී අවසන් ක්‍ෂේත‍්‍ර පරික්ෂණය ඊයේ (23දා* මහියංගන වේවත්ත මොරකැටිය බඩඉරි`ගු වගා බිමකදී පරීක්ෂාවට භාජනය කෙරිණි.

වස විසෙන් තොර දේශීය කුළුබඩු හා ශාකසාර යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද මෙම දියරය මගින් සේනා දළඹුවාට ආහාර අරුචියක් සහ ශ්වසන අපහසුතා ඇති කොට විනාශ වන ආකාරයට නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.

උදෑසන 9.30ට පෙරත් සවස 4.00න් පසුවත් මෙම දියර වගා බිම් ස`දහා භාවිත කිරීමෙන් සේනා දළඹුවන් මර්දනයේ උපරිම ඵල නෙළා ගත හැකි බවත් බඩඉරි`ගු ශාකයේ ගොබය අභ්‍යන්තරයට හා හානියට පත් ප‍්‍ර දේශ හො`දින් තෙත් වන සේ මෙම දියරය ඉසීමෙන් ඉතා සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගත හැකි බවත් දිරිය සවිය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක එම් .ජී .වී සංජිව හා ව්‍යාපෘති තාක්ෂණික නිලධාරි තමිල් චෙල්වන් ඇන්ටනි මහත්වරු ප‍්‍රකාශ කර සිටිති. එසේම මෙම නව නිෂ්පාදනය සදහා රාජ්‍ය අංශයේ නිසි අවසරය ලබාගැනිමෙන් පසු ඉතා සහනදායි මිලකට ගොවියන් අතරට පත් කරන බවත් වස විසෙන් තොර නිෂ්පාදනයක් බැවින්් වසරකට වඩා කල් තබාගනිමින් පාවිච්චි කිරිමේ හැකියාවක් ඇති බවත් ඔවුහු පැවසූහ.

මහියංගණය - රංජිත් කරුණාවීර

 

 

 

 

 

p1 3

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles