Divaina - එල්.පී.එල්. කී‍්‍රඩක ලියාපදිංචිය අද සිට...

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කසුන් රණවීර
 
 
 liyapadinchiyaලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා කී‍්‍රඩක ලියාපදිංචිය අද (21 වැනිදා* සිට ලබන 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව එ් සඳහා සහභාගි වන සියලූම දෙස් විදෙස් කී‍්‍රඩකයන් අන්තර්ජාලය හරහා අද සිට ලියාපදිංචි විය හැකි බවට එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂ සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා කියා සිටී.
 
 ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. එ් අනුව තරගාවලිය සඳහා ලියාපදිංචි වන දෙස් විදෙස් කී‍්‍රඩකයන් අද සිට ලියාපදිංචිය ඇරඹිය යුතු බවත් එය ‘ඔන්ලයින්’ හරහා සිදුකළ හැකි බවත් රවීන් වික‍්‍රමරත්න මහතා කියා සිටී.
 
 
 තරගාවලියේ පළමු අදියර පැවැති හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේම එහි දෙවැනි අදියරත් කි‍්‍රයාත්මක කිරීමට මේ වන විට තීරණය කර තිබේ. රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය සඳහා සහභාගි වන කී‍්‍රඩකයන් ආරක්ෂිත ජෛව බුබුලකට යටත්ව සිටිය යුතු අතර එ් හේතුවෙන් මෙවරද තරගාවලිය පැවැත්වීම එක් කී‍්‍රඩාංගණයකට පමණක් සීමා වන බවට එහිදී රවීන් වික‍්‍රමරත්න කියා සිටී.
 
 ‘අපිට වුවමනා වුණේ මේ පාර තරගාවලිය ක‍්‍රීඩාංගණ කිහිපයක තියන්න, හැබැයි ආරක්ෂිත ජෛව බුබුලක් කරගෙන යනකොට ක‍්‍රීඩාංගණ කිහිපයක තරග පවත්වන්න ගියොත් වියදමත් වැඩියි සහ කළමනාකරණය කරන එකත් ලේසි වෙන්නේ නැහැ. එ් නිසා දැනට සැලසුම් කරලා තියෙන විදිහට අපි මේ තරගාවලිය ඒ කාලවකවානුව තුළ පවත්වන්න සූදානමින් ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු ටිකත් දැනට නියමිත පරිදි අපි කරගෙන යනවා’ යැයි ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles