Divaina - ස්ථාවර පිතිකරණ අනුපිළිවෙළක් නෑ.... දුර්වල ප‍්‍රහාරාත්මක වේගය තරග පරාජයට බලපෑවා - ශී‍්‍ර ලංකා ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


sthawara
 
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ස්ථාවර පිතිකරණ අනුපිළිවෙළක් නොමැති වීම මෙන්ම දුර්වල ප‍්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීම ප‍්‍රධාන ලෙසම හේතුවී තිබෙන බව පුහුණුකරු මිකී ආතර් කියා සිටී. එංගලන්තය සමගින් පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ අදහස් දක්වමින් පුහුණුකරු මිකී ආතර් මේ පිළිබඳව කියා සිටී.
 
 පසුගිය තරග සියල්ලේම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මැදපෙළ අසාර්ථක වූ අතර බොහෝවිට තෙවැනි සිව්වැනි ස්ථානවල පන්දුවට පරදීමට ස්ථාවර පිතිකරුවකු නොමැති විය. එ් අනුව තරග පරාජයවීමට මෙම ක‍්‍රමය බලපෑ බව ශී‍්‍ර ලංකා පහුණුකරු පෙන්වා දෙයි. ”අපිට හැකි ඉක්මනින්ම ස්ථාවර පිතිකරණ අනුපිළිවෙළක් සකසා ගත යුතුයි. එහෙම නැතුව අපිට විවිධ ස්ථානවල පන්දුවට පහර දෙන පිතිකරුවන් සමග තැනින් තැනට පනින්න අමාරුයි. එහෙම වුණොත් එය කණ්ඩායමේ ව්‍යාකූලතාවයට හේතු වෙනවා. මම ලෝකයේ වෙනත් හොඳම කණ්ඩායම් කරන්නේ මොකද්ද කියලා අවධානය යොමු කළා. එතැනදී මට දැක ගැනීමට හැකි වුණේ හොඳ ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවකට අවශ්‍ය වන හොඳ ප‍්‍රහාරාත්මක වේගයක් සහ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ඔවුන් සතුව පැවැතීම. මම උත්සාහ කළේත් ජාත්‍යන්තර ක‍්‍රීඩාවට හොඳින්ම ගැළපෙන විදියට අපේ පිතිකරණ ලැයිස්තුව සකස් කිරීමටයි. අපේ ක‍්‍රීඩකයන් සියල්ලම හඳුනගෙන තියෙනවා ඔවුන්ගේ භූමිකාවන් මොනවාද කියලා. අපිට අවශ්‍ය වන්නේ ඔවුන්ට ඒ දේ කරන්න අවශ්‍ය සහයෝගය ලබා දීමයි’’ යනුවෙන් ශී‍්‍ර ලංකා පුහුණුකරුවා කියා සිටී.
 
 අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ කිසිදු තරගාවලියක් ජය ගැනීමට අපොහොසත්වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙම තරග සංචාරය ඉතා වැදගත් තරගාවලියක් බවට පත්ව තිබේ. එහි ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකාව ඉන් ඉදිරියට එ්මට නම් අදාළ එක්දින තරගාවලිය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුවීම් පිළිබඳ අදහස් දැක්වූ මීකී ආතර් ‘අපේ ක‍්‍රීඩකයන් 24 දෙනාම අතිශයින් වෙහෙස මහන්සි වී පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. එංගලන්තය කියන්නේ සුදු පන්දුවෙන් ක‍්‍රීඩා කිරීමේදී දක්ෂ ලෙස ක‍්‍රීඩා කරන කණ්ඩායමක්. විස්සයි-20 කණ්ඩායමට එක්ව සිටින ඔවුන්ගේ ක‍්‍රීඩකයන් කණ්ඩායමක් විදියට එකට ක‍්‍රීඩා කර නැතත් දේශීය තරගාවලිවලදී ඔවුන් ක‍්‍රීඩා කරලා තියෙනවා. වඩාත් වැදගත් වන්නේ ඔවුන්ගේ
 
 සියලූම ක‍්‍රීඩකයන් ගෙවී ගිය සති 2 ක පමණ කාලයේදී දේශීය තරග සඳහා ක‍්‍රීඩා කරමින් සිටීමයි. එබැවින් ඔවුන්ගේ සූදානම ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා. එය අපේ තරුණ ක‍්‍රීඩකයන්ට විශාල අභියෝගයක් වේවි. ඒත් අපි දිගින් දිගටම දියුණුව කරා යන කණ්ඩායමක් බවට පත් වෙන්න පුළුවන්’’ යැයි කියා සිටී.
 
 ”පුහුණුකරුවන් විදියට අපේ වගකීම වෙන්නේ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ජාත්‍යන්තර මට්ටමට තරග කිරීම සඳහා අවශ්‍ය මට්ටමට ඔවුන්ව රැුගෙන ඒම. අපි ක‍්‍රීඩකයන් දිහා බලනවා නම් ඔවුන් ඊයේ සිදුකළ පුහුණුවීම්වල නිරත වුණු ආකාරය සැබැවින්ම අභියෝගාත්මකයි. එහිදී ඉතා හොඳ පුහුණුවක් ලැබුණු අතර ඔවුන් සියල්ලම ඉතාමත් තරගකාරීත්වයෙන් යුතුව සිය පුහුණුවීම්වල නිරත වුණා. ඇත්තටම මෙය අපිට සුබදායක තත්ත්වයක්’’ යැයි මිකී ආතර් වැඩිදුරටත් පවසයි.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles