Divaina - ස්පාඤ්ඤය සහ පෝලන්තය සමවෙයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ‘ඊ’ කාණ්ඩය යටතේ තරග වදින ස්පාඤ්ඤය සහ පෝලන්තය අතර ඊයේ (20 වැනිදා* පැවැති තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් විය. එ් අනුව තවදුරටත් අදාළ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන්
 
 ස්ථාන දෙකෙහි පසුවීමට පිළිවෙලින් ස්පාඤ්ඤයට සහ පොලන්තයට සිදුවී තිබේ.
 
 අදාළ තරගයේ 25 වැනි මිනිත්තුවේදී සිය පළමු ගෝලය වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත්විය. එ් අනුව තරගයේ පළමු අර්ධය 1-0ක් ලෙස ස්පාඤ්ඤය කණ්ඩායම සමත් විය. දෙවැනි අර්ධය ආරම්භවී තරගයේ 54 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් තරගය ජය පරාජයකින් තොරව නිමාකර ගැනීමට පෝලන්තය සමත්විය.
 
 තරගාවලියේ ‘ඊ’ කාණ්ඩය යටතේ ස්වීඩනය, ස්ලෝවැකියා, ස්පාඤ්ඤය සහ පෝලන්තය තරගවදිනු ලබයි. එ් අනුව එහිදී තරගාවලිය පුරා මේ දක්වා සමස්ත ගෝල 4ක් සහ ජයග‍්‍රහන 1ක් සමගින් ‘ඊ’ කාණ්ඩායේ පෙරමුණ ගැනීමට ස්වීඩනය සමත්වී ඇති අතර ස්ලෝවැකියාව සමස්ත ගෝල 3 ක් සහ එක් ජයග‍්‍රහණයක් සමගින් එහි දෙවැනි ස්ථානයේ පසුවේ.
 
 මේ අතර ‘එෆ්’ කාණ්ඩය යටතේ සත්කාරක ජර්මනිය සහ පෘතුගාලය අතර පැවැති තරගයේදී ගෝල 4-2ක් ලෙස ජය වාර්තා කිරීමට සත්කාරක කණ්ඩායම සමත්විය. තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට
 
 පෘතුගාලයේ සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනල්ඩෝ සමත්විය. එ් අනුව රොනල්ඩෝ මේ දක්වා තරගාවලියේ ගෝල 3ක් වාර්තා කිරීමට සමත්වී තිබේ.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles