Divaina - නව නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ හෙට බංග්ලාදේශයට

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 15 1තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියක් ස`දහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම හෙට (16 වැනිදා) බංග්ලාදේශයට පිටත්ව යෑමට නියමිතව තිබේ. ඒ අනුව දෙරට අතර එක්දින කි‍්‍රකට් තරගාවලිය ලබන 23 වැනි ආරම්භ වීමට නියමිත අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊට පෙර දින 3ක නිරෝධායන කාලයකට යටත්විය යුතුව ඇති හෙයින් හෙට දිනයේ මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු ජේ්‍යෂ්ඨ කී‍්‍රඩකයින් වෙනුවට නව නායකත්වයකින් යුත් නවක කී‍්‍රඩකයින්ගෙන් සැදුම්ලත් සංචිතයක් නම් කිරීමට මෙවර ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව බංග්ලාදේශ සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමව ඇති අතර උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ. ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, හිටපු නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් වැනි ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් සංචිතයෙන් ඉවත්කර ඇති අතර මෙතෙක් එක්දින වරම් දිනාගෙන නොමැති බිනුර ප‍්‍රනාන්දු සහ ශිරාන් ප‍්‍රනාන්දු වැනි නවකයින් මෙවර සංචිතයට කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නවකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම මෙහෙයවීම පිළිබ`ද පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි කුසල් පෙරේරා පරාජයට බියවී තරග ජය ගත නොහැකි බවත් බියකින් තොරව කී‍්‍රඩාවේ නිරතවීම අතිශය වැදගත් බවත් සියලූ කී‍්‍රඩකයින් තමන්ගේ වැරදි හ`දුනා ගනිමින් ඒවා නිවැරදි කරගෙන කී‍්‍රඩාකළ යුතු බවත් කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් පෙරේරා ‘ මම නායකත්වය බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙමෙයි. මම ගිහින් ඉල්ලගත්තේ නැහැ. මම දන්නෙ නැහැ කොච්චර කාලෙකට මම කණ්ඩායමේ නායකයා වෙලා හිටීද කියලා. ඒ කාලය තුළ ජයග‍්‍රාහි සංස්කෘතිවක් නිර්මාණය කරන්න තමයි මට ඕනේ’ යැයි කියා සිටියේය.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ජාත්‍යන්තර එක්දින තරග 48ක් පවත්වා ඇති අතර එහිදී තරග 39ක ජය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩයාම සමත් වෙද්දි තරග 7ක ජය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්වී තිබේ. ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය 2019 ජූලි මාසයේදී අවසන් වරට එක්දින තරගයක් කී‍්‍රඩා කළ අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේ පැවැති එම තරගයේදී ලකුණු 122ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත්විය.

කෙසේ වෙතත් මේ වනවිට ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායම 9 වැනි ස්ථානයට පත්ව ඇති අතර බංග්ලාදේශය 7 වැනි ස්ථානයේ පසුවේ. ශී‍්‍ර ලංකාව අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් කී‍්‍රඩා කළ අතර එම තරගාවලිය පරාජයට පත්විය. ඒ අනුව පරාජයන් වැළක ඇමිණි සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී ජයග‍්‍රාහි මාවතට ගෙන ඒමේ වගකීම කුසල් පෙරේරාගේ කරමතට වැටී තිබේ.

කසුන් රණවීර

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles