Divaina - වොට්ලින් ජුනිවලදී යයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 13 5නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක බී.ජේ. වොට්ලින් ලබන ජුනි මාසයේදී අන්තර් ජාතික කි‍්‍රකට් තරගවලින් සමුගැනීමට තීරණය කර ඇත.

නවසීලන්තය වෙනුවෙන් මේ වනවිට ටෙස්ට් තරග 73 කට හා එක්දින ජාත්‍යන්තර තරග 28 කට කී‍්‍රඩා කර ඇති වොට්ලින් 35 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව වෙලින්ටන්හිදී 2015 වසරේදී කේන් විලියම්සන් සමග 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 365 ක සම්බන්ධතාවයක් පැවැත්වීය. එය ටෙස්ට් තරගයකදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ලෝක වාර්තාගත සම්බන්ධතාවය වන අතර 2009 වසරේදී පකිස්තානයට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ වොට්ලින් පවසන්නේ මෙය සමුගැනීමට සුදුසුම කාලය බවයි. දකුණු අපි‍්‍රකාවේ උපත ලැබූ වොට්ලින් වයස අවුරුදු 10 දී පමණ නවසීලන්තයට පැමිණ ඇති අතර එරට වෙනුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 106 කදී ලකුණු  4384 ක් රැස්කර ගනිමින් උඩ පන්දු 238 ක් ලබාගෙන ඇත.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles