Divaina - ඉසව් 12ක් 22 සහ 23 දිනවලදී - 99 වැනි ජාතික ශුරතා ජ්‍යෙෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 13 4තෝරාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව  99 වැනි ජාතික ශුරතා ජ්‍යෙෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ ඉසව් 12 ක් මැයි මස 22 සහ 23 (සෙනසුරාදා සහ ඉරිදා) යන දෙදින කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත් වීමට සංවිධායකයින් වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

මීටර් 100 (පිරිමි සහ කාන්තා), මීටර් 400 (පිරිමි සහ කාන්තා), මීටර් 800 (පිරිමි සහ කාන්තා), මීටර් 3000 බාධක දිවීම (පිරිමි සහ කාන්තා), දුර පැනීම (පිරිමි සහ කාන්තා), හෙල්ල විසි කිරීම (පිරිමි සහ කාන්තා) යන ඉසව් මෙම දෙදින තුළ පැවැත්වේ. මෙම දෙදිනම තරග ආරම්භය පෙරවරු 7.00 ට සිදු කෙරේ. මෙම තරග ඉසව් සඳහා කැඳවා ඇති ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 152 කි. ඒ ක‍්‍රීඩකයින් 76 දෙනකු සහ ක‍්‍රීඩිකාවන් 76 දෙනකු ලෙසිනි.

ජාත්‍යන්තර මට්ටමේ සහ ජාතික මට්ටමේ ජයග‍්‍රාහී ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් මෙන්ම අනාගත බලාපොරොත්තු තැබිය හැකි හා පරිසාධන මට්ටම් වෙත ළඟා විය හැකි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මේ සඳහා නම් කළ බව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය නිවේදනය කර සිටී. ඒ අනුව මීටර් 100 සහ මීටර් 400 (පිරිමි සහ කාන්තා) ඉසව් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 16 දෙනකු බැගින් ද මීටර 800 (පිරිමි සහ කාන්තා) ඉසව් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 08 දෙනකු බැගින් ද මීටර් 3000 බාධක දිවීම (පිරිමි සහ කාන්තා), දුර පැනීම (පිරිමි සහ කාන්තා) හෙල්ල විසි කිරීම (පිරිමි සහ කාන්තා) ඉසව් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 12 දෙනෙකු බැගින් ද සහභාගී කරවා ගැනීමට තීරණය කර තිබේ. මෙහි මීටර් 100 සහ මීටර් 400 තරග ඉසව් අවසන් පූර්ව වට දෙකකින් ආරම්භ කෙරෙන අතර සෙසු තරග ඉසව් අවසන් තරගයක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

මැයි මස 20 දින සිට 24 දින දක්වා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට කලින් තීරණය කර තිබුණු මෙවර ජාතික ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය ඒ අයුරින් නොපැවැත්වෙන අතර එය ඉදිරි සති අන්ත 04 කදී අවසන් කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය බලාපොරොත්තු වේ. රට තුළ පවතින කොවිඞ් තත්ත්වය මුල් කර ගනිමින් අදාළ තීරණයට එළැඹ තිබේ. තරග ඉසව් සඳහා සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරී මහත්ම මහත්මීන් උද්ගතව ඇති වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ තරග කමිටු සාමාජික සමන් කුමාර ගුණවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles