Divaina - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය නියමිත දින පවත්වනවා - ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 13 3ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික සභා වාරය සහිත නිලවරණය සැලසුම් කළ පරිදි නියමිත දින නියමිත වේලාවට ආරම්භ කිරීමට අදහස් කර ඇති බව ක‍්‍රිකට් කළමනාකාර මඩුල්ලේ සාමාජිකයෙකු මෙන්ම ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඊයේ (12) ‘දිවයින’ කළ විමසුමකදී අනාවරණය කළේය.

මැයි මස 20 වැනි දින පෙරවරු 10.00 ට කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික සභා වාරය සහිත නිලවරණය කොවිඞ් තත්ත්වය හේතුවෙන් කල් දමන්නේදැයි ‘දිවයින’ කළ විමසීමකදී ඒ මහතා ඒ බව පැවසීය.

පවතින කොවිඞ් සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ඔන්ලයින් තාක්ෂණික ක‍්‍රමෝපාය උපයෝගී කරගනිමින් නිලවරණය පැවැත්වීම කෙරෙහි සැලසුම් සකස් කර ඇති බව ද ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය. කොළඹ හතේ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරය වන ඩන්කන් වයිට් ශාලාව හැර වෙනත් පහසුකම් ඇති ස්ථානයක මෙම නිලවරණය පැවැත්වීමට නියමිතය.

සුපුරුදු පරිදි මෙවර නිලවරණය ද ද්විපාර්ශ්වීය සටනක් බවට පත්ව තිබීම කැපී පෙනේ. ඒ වත්මන් සභාපති ෂම්මි සිල්වා මහතාට එරෙහිව හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මීළඟ සභාපති ධුරය සඳහා නාමයෝජනා බාරදීම හේතුවෙනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles