Divaina - හතරකට වරම් අරන් හතරකට වරම් අරන් බංග්ලාදේශයට යන ශ‍්‍රී ලංකාව

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



p14 13 1එක්දින ජාත්‍යන්තර තරග වරම් මෙතෙක් හිමි කර නොගත් කී‍්‍රඩකයන් 04 දෙනකු ඇතුළත්ව බංග්ලාදේශයේ තරග සංචාරය සඳහා නියමිත කී‍්‍රඩකයන් 18 දෙනකුගෙන් යුත් නිල සංචිතය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ඊයේ (12 දා) නිවේදනය කරනු ලැබීය.

එම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාටත්, උප නායකත්වය කුසල් මෙන්ඩිස්ටත් හිමි වී ඇත.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගෙන නැති නව සංචිතයට ඇතුළත් වන කී‍්‍රඩකයන් වන්නේ ශිරාන් ප‍්‍රනාන්දු, බිනුර ප‍්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් යන අය වෙති. එම කී‍්‍රඩකයන් හතර දෙනා අතරින් රමේෂ් මෙන්ඩිස් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකටත්, චාමික කරුණාරත්න එක් ටෙස්ට් තරගයකටත්, බිනුර ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පන්දුවාර 20-20 තරග දෙකකටත් සහභාගි වී ඇත.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එකදු ජාත්‍යන්තර තරගයකට හෝ කී‍්‍රඩා නොකළ කී‍්‍රඩකයකු ලෙස නව සංචිතයට එක් වී සිටින ශිරාන් ප‍්‍රනාන්දු ටැමිල් යුනියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරගවලට සහභාගි වූ වේග පන්දු යවන කී‍්‍රඩකයෙකි.

ශිරාන් ප‍්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන දෙදෙනාම දකුණත් වේග පන්දු යවන්නන් වන අතර බිනුර ප‍්‍රනාන්දු වමත් වේග පන්දු යවන්නකි. බිනුර ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් 2015 වසරේදී පන්දුවාර 20-20 තරග දෙකකට සහභාගි වී ඇති අතර ඉන් අනතුරුව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කිසිදු ජාත්‍යන්තර තරගයකට වරම් නොලැබූ ඔහු කණ්ඩායමට නම්කර ඇති උසම කී‍්‍රඩකයා ද වේ.

චාමික කරුණාරත්න අවසන් වරට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගි වී ඇත්තේ 2019 වසරේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයට වන අතර ඔහු එහිදී එක් කඩුල්ලක් පමණක් දවා ගෙන ඇත.

දකුණතින් දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 6 ක් දවා ගත් අතර පසුගිය ජනවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් ඔහු පන්දුවට පහරදීමටත් හැකියාවක් ඇති කී‍්‍රඩකයෙකි.

දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් කර ඇති අකිල ධනංජය අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කර ඇත්තේ 2019 වසරේ ජූලි මාසයේදීය. ඉසුරු උදාන ද කලකට පසුව ශී‍්‍ර ලංකා එක්දින සංචිතය වෙනුවෙන් කැඳවා ඇති අතර එක්දින ජාත්‍යන්තර තරග 18 කදී කඩුලූ 16 ක් සහ ලකුණු 190 ක් ලබාගෙන ඇති ඔහු අවසන් වරට එක්දින තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කළේ 2020 මාර්තු මාසයේදීය. කණ්ඩායමේ නායකත්වය සඳහා පත්කර ඇති කුසල් ජනිත් පෙරේරා සහ උප නායකත්වය සඳහා පත්කර ඇති කුසල් මෙන්ඩිස් ද ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයකට කී‍්‍රඩා කළේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය.

කුසල් ජනිත් පෙරේරා නොයෙකුත් ආබාධ හේතුවෙන් පසුගිය තරගාවලිවලට සහභාගි වීමට අපොහොසත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් කණ්ඩයාමෙන් ඉවත්කර තිබිණි.

කුසල් ජනිත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ලකුණු 2825 ක් ද, කුසල් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර තරග 76 කදී ලකුණු 2167 ක් ද  රැස් කර ගෙන ඇත.

නවක කී‍්‍රඩකයන්ට ප‍්‍රමුඛතාවය ලබා දෙමින් නම් කරන ලද මෙම සංචිතයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මෙන්ම කණ්ඩායමේ නායකත්වය ද හෙබ වූ දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් කර නොමැත. එසේම සුරංග ලක්මාල් සහ නුවන් ප‍්‍රදීප් ද සංචිතයෙන් ඉවත්කර ඇති අතර ඉසුරු උදාන සංචිතය තුළ සිටින වයසින් වැඩිම කී‍්‍රඩකයා වන්නේය. 33 හැවිරිදි ඉසුරු ද සමග වයස අවුරුදු 30 ට වැඩි කී‍්‍රඩකයන් තිදෙනකු පමණක් ඇතුළත් කරමින් නම් කරන ලද එම සංචිතයේ වැඩිම එක්දින ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති කී‍්‍රඩකයා වන්නේ ද තරග 101 කට පමණක් කී‍්‍රඩා කර ඇති නායක කුසල් ජනිත් පෙරේරාය.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පසුගිය මාර්තු මස පැවැති එක්දින තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයන් අතරින් මෙම සංචිතයට එක්ව සිටින්නේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, ලක්ෂාන් සඳකැන්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිදු හසරංග, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර සහ නවක කී‍්‍රඩකයන් වන පැතුම් නිශ්ශංක සහ අශේන් බණ්ඩාර වෙති.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන එක්දින සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන බංග්ලාදේශ කි‍්‍රකට් තරග සංචාරය සඳහා නම් කරන ලද මෙම සංචිතයට කී‍්‍රඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පෙරේදා(11 දා) අනුමැතිය ලබා දී තිබිණි.

එක්දින කි‍්‍රකට් තරග තුනකින් සමන්විත එම තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 16 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර එතෙක් ඔවුන් ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ රැඳී සිටිනු ඇත.

නම් කර ඇති සංචිතය මෙසේය.

කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක, දසුන් ශානක, අශේන් බණ්ඩාර, වනිදු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප‍්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, බිනුර ප‍්‍රනාන්දු සහ ශිරාන් ප‍්‍රනාන්දුය.

කුෂාන් සුබසිංහ

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles