Divaina - ඔලිම්පික් කඩුල්ලට ළං වුණොත් අත පිරෙන්න සල්ලි... යෝජිත ලක්ෂ 25ට වඩා වුණත් දෙන්න සූදානම්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

lekamඔලිම්පික් පරිසාදන මට්ටම සපුරන ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් ලක්ෂ 25ක් නොව ඊටත් වඩා හෝ ප‍්‍රදානය කිරීමට කී‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සූදානම් බව කී‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජයකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (04 වැනිදා* පැවසීය.
 
 ඔලිම්පික් පරිසාදන මට්ටමට පැමිණෙමින් ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා සුදුසුකම් ලබන ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබා දීමට ජාතික කී‍්‍රඩා සභාව මගින් 2019 වසරේ අපේ‍්‍රල් මාසයේදී යෝජනා සම්මතකර ගෙන තිබිණි.
 
 ඒ අනුව 2020 - ටෝකියෝ ඔලිම්පික් තරග සඳහා ශී‍්‍ර ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු කී‍්‍රඩිකාව බවට පසුගියදා පත් වූ තුරඟ හරඹ බාධක - පැන්නීමේ කී‍්‍රඩිකාවවන මැටිල්ඩා කාල්සන්ට අදාළ රුපියල් ලක්ෂ 25ක මුදල ලබා දෙනවා දැයි ‘දිවයින’ කළ විමසුමට පිළිතුරු ලබා දෙමින් ලේකම්වරයා එම අදහස් පළ කළේය.
 
 මැටිල්ඩාලා තව බිහි වෙනතුරු තමයි අපි බලන් ඉන්නේ. ලක්ෂ 25ක් නොවෙයි ඊටත් වඩා මුදලක් වුවත් ඔලිම්පික් සහ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට දෙන්න අපි සූදානම්. ඒ සඳහා අපි කටයුතු කරගෙන යනවා. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කියන්නේ රටේ සම්පතක්. පොරොන්දු ප‍්‍රකාර මුදල් තිලිණ සියල්ල අපි ලබා දෙනවා. පරිසාදන මට්ටමටත් එහා ගොසින් ඔලිම්පික් දිනන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැකීම අපේ බලාපොරොත්තු යැයි ද ලේකම්වරයා ‘දිවයින’ට ප‍්‍රකාශකර සිටියේය.
 
 රටේ ප‍්‍රමුඛ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 60 දෙනකු තෝරා ගෙන තරුණ හා කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ දැනටමත් ඔවුන්ට මාසයකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දීමට කටයුතු කරගෙන යන බවත් ඊට අමතරව පෝෂණ දීමනාව සහ තවත් වරප‍්‍රසාද ද අනුග‍්‍රහකයන් හරහා එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලබා දීමට කටයුතුකර ඇති බවත් ලේකම්වරයා පැවසීය.
 
 ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ජාත්‍යන්තර හා ජාතික ජයග‍්‍රහණ මත ද වරප‍්‍රසාද ලබා දෙමින් සිටින බවත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට විදෙස් පුහුණුව අවශ්‍ය නම් ඒ සඳහා යොමු කිරීමට ද පුළුල් වැඩපිළිවෙළක් තම අමාත්‍යාංශය සතු බවත් ලේකම්වරයා පැවසීය.
 
 ඇතැම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නිවාස පහසුකම් අවශ්‍යයි. ඇතැමුන්ට අධ්‍යාපන පහසුකම් අවශ්‍යයි. අපි ඒ සියල්ල ඉටු කරනවා. ඒ වගේම තෝරාගෙන ඇති පළමු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 60දෙනාට අමතරව තවත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 60දෙනකුගෙන් යුතු සංචිතයක් ද අපේ දෙවැනි පෙළ ලෙස පෙළ ගැස්සීමට කටයුතු කරන බව ද ලේකම්වරයා ප‍්‍රකාශකර සිටියේය.
 
 කිසියම් කී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවක ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් ජය ගතහොත් රුපියල් ලක්ෂ 25ක මුදල මෙන් දහ ගුණයක මුදලක් වුව ද ලබා දීමට තරුණ හා කී‍්‍රඩා අමාත්‍යාංශය සූදානම් බව ද ලේකම්වරයා තවදුරටත් සඳහන් කර සිටියේය.
 
 එම මුදල ජාතික කී‍්‍රඩා සභාව විසින් සම්මත කරන ලද මුදලවන රුපියල් මිලියන 20ක මුදල ද ඉක්මවා යන පොරොන්දුවක්වන අතර ජාතික කී‍්‍රඩා සභාව යෝජනාකර ඇත්තේ ඔලිම්පික් රන් පදක්කමක් දිනන කී‍්‍රඩකයකුට රුපියල් මිලියන 20ක්, රිදී පදක්කම් දිනන කී‍්‍රඩකයකුට මිලියන 15ක් සහ ලෝකඩ පදක්කමක් දිනන කී‍්‍රඩකයකුට මිලියන 10ක් ලෙස ප‍්‍රදානය කිරීමටය.
 
 ජර්මනියේ දැනට පදිංචිව සිටින මහනුවර උපත ලද මැටිල්ඩා කාල්සන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පරිසාදන මට්ටම සම්පූර්ණකර ඒ සඳහා සුදුසුකම් ලැබූ බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් පසුගිය සතියේ නිවේදනයකර සිටියේ.
 
 හිටපු යුද හමුදාපතිවරයකුවන දයා රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික කී‍්‍රඩා සභාව 2019 වසරේදී සම්මතකර ගත් යෝජනා එවක කී‍්‍රඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා වෙත යොමුකර තිබිණි.

කුෂාන් සුබසිංහ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles