Divaina - කොරෝනා අයිපීඑල් අත්හිටුවයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

iplකොරෝනා වසංගතය අයිපීඑල් කණ්ඩායම් හතරක් තුළට රිංගා ගැනීමත් සමග 2021 අයිපීඑල් කි‍්‍රකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත.
 
 අයිපීඑල් සභාපති බි‍්‍රජෙශ් පටෙල් මහතා ඒ පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් ප‍්‍රකාශ කර සිටියේ දැනට අයිපීඑල් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීම පිළිබඳව පසුව දැනුම් දෙන බවත්ය.
 
 සන්යිරසස් හයිදාබාද් කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක රිදිමන් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පා දඟ පන්දු යවන කී‍්‍රඩක අමිත් මිෂ්රාට ද කොවිඞ් ආසාදනය වී ඇති බවට ඊයේ (04 වැනිදා* උදේ තහවුරු වී ඇත.
 
 ඔවුන්ට අමතරව කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වරුන් චක‍්‍රවර්ති සහ සන්දීප් වොරියර් යන කී‍්‍රඩකයන් ද කොවිඞ් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු එම කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය ද කල් දමා ඇත.
 
 පසුගිය 02දා පැවැත්වීමට නියමිතව තිබූ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගය ද කල් දැමුණු අතර ඊට හේතුව වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බලජී ද කොවිඞ් ආසාදිතයකු බව හඳුනාගැනීම නිසාය.
 
 අයිපීඑල් තරගාවලියේ දිල්ලි සහ අහමදාබාද්හි පැවැත්වීමට නියමිතව තිබූ තරග මුම්බායි වෙත ගෙන ගොස් පැවැත්වීම කොවිඞ් වසංගතයෙන් බේරීමේ වැඩපිළිවෙළක් ලෙස අයිපීඑල් බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එය ද විකල්පයක් නොවන බව වටහාගත් ඔවුන් මෙම තීරණයට එළැඹී ඇත.
 
 2021 අයිපීඑල් කි‍්‍රකට් තරගාවලිය පසුගිය අපේ‍්‍රල් 09 වැනිදා චෙන්නායිහිදී ආරම්භ වූ අතර මැයි මස 30 වැනිදා අහමදාබාද්හිදී නිමාවීමට නියමිතව තිබිණි.
 
 එහෙත් කොරෝනා හේතුවෙන් 2021 අයිපීඑල් කි‍්‍රකට් තරගාවලිය යටතේ පැවැති අවසන් තරගය වූයේ පසුගිය 02 වැනිදා පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවැති තරගය වූ අතර එය තරගාවලියේ 29 වැනි තරගය වූයේය.
 
 මූලික වටයේ තරග 56 ක් සහ අවසන් අදියරයට අදාළ තරග 4 ක් ඇතුළත්ව තරග 60 ක් පැවැත්වීමට මෙවර අයිපීඑල් කාලසටහන සකස් කර තිබුණ ද කොරෝනා නිසා අයිපීඑල් තරග 31 ක් මේ අනුව අත්හිටුවා ඇත.
 
 අයිපීඑල් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ජෛව ආරක්ෂක බුබුළක් යටතේ කටයුතු කළ ද ඔවුන්ට කොරෝනාවලින් බේරීමට නොහැකි වූ අතර දෛනිකව ලක්ෂ 4 කට වැඩි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙමින් ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles