Divaina - වාර්තා බිඳිමින් ප‍්‍රවීන් ශී‍්‍ර ලංකාවට ජය කැන්දයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pravinසිය වමත් පිට දඟ පන්දුවෙන් සංචාරක කණ්ඩායමේ කී‍්‍රඩකයන් පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී මංමුලා කරවූ කෝඩුකාර ප‍්‍රවීන් ජයවික‍්‍රමගේ වාර්තාගත පන්දු යැවීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවට වසර දෙකකට පසුව ටෙස්ට් තරග ජයග‍්‍රහණයක් හිමිකර දෙමින් බංග්ලාදේශය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (03 දා* නිමාව දුටුවේය.

මහගිරි දඹ මෙන් දිස් වූ දැවැන්ත ඉලක්කය කරා මහත් ආයාසයකින් ගමන්කිරීම ඇරඹූ සංචාරකයෝ යම්තම් ඉන් අඩක් පමණක් සම්පූර්ණ කර තිබියදී සියල්ලන් දැවී ගියේ ශී‍්‍ර ලංකාවට ලකුණු 209 ක ජයග‍්‍රහණක් හිමිකර දෙමිනි.

පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලූ 6 ක් දවාගෙන සිටි ප‍්‍රවීන් ජයවික‍්‍රම දෙවැනි ඉනිමේදී ද බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලූවලින් හරි අඩක් තමන්ගෙ නම වෙත ලියාගත්තේ පළමු තරගයට සහභාගි වූ කී‍්‍රඩකයකු වසර දහයකට පසුව වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි.

ඉනිම් දෙකේදීම ලකුණු 178 කට කඩුලූ 11 ක් බිඳ හෙලූ ප‍්‍රවීන්ගේ එම දක්‍ෂතාවය සිය පළමු තරගයේදී වමත් පිට දඟ පන්දු යවන්නකු වාර්තා කළ ලොව හොඳම දක්‍ෂතාවය ලෙස ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයකු පෙන්නූ හොඳම දක්‍ෂතාවය ලෙස ද වාර්තා පොත්වලට එකතු වෙයි.

ප‍්‍රවීන්ට මහඟු දායකත්වයක් සැපයූ ඔහුගේ කී‍්‍රඩා සමාජයේම (මුවර්ස්* කී‍්‍රඩක රමේෂ් මෙන්ඩිස් ද තරගය පුරාවට කඩුලූ 6 ක් දවා ගත්තේ දෙවැනි ඉනිමේ තීරණාත්මක කඩුලූ 4 ක් දවා ගනිමිනි.

තරගයේ පස්වැනි දිනය හා අවසාන දිනය වූ ඊයේ (03 දා* දිනය ආරම්භ වනවිට කඩුලූ 5 ක් දැවී ලකුණු 177 ක් රැුස්කර ගෙන සිටි බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලූ 5 ලකුණු 50 ක් තුළ බිඳ දැමීමට රමේෂ් සහ ප‍්‍රවීන් සමත් වූයේ ධනංජය විසින් ලබාගන්නා ලද ටයිජුල් ස්ලාම්ගේ කඩුල්ල ද සමගිනි.

පස්වැනි දිනය ආරම්භ වී 14 වැනි පන්දුවේදී ලිටන් දාස්ව කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර දවා ගත් ප‍්‍රවීන් ශී‍්‍ර ලංකාවට එදින උදේ වරුවේ පැයක් පමණ හිසරදයක්ව සිටි හසන් මිරාස්ගේ කඩුල්ල ද සිය කඩුලූ මල්ලට ඇතුළත් කර ගන්නා ලද්දේ මිරාස්ගෙ ඉනිම ලකුණු 39 කට සීමා කරමිනි.

ඊයේ දිනයේ තමන් දවාගත් එකම කඩුල්ල ලෙස ටස්කින් අහමඞ්ගේ කඩුල්ල ඒ අතරවාරයේ දවාගත් සිය දෙවැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන රමේෂ් මෙන්ඩිස් ජයවික‍්‍රමගේ ගමනට යම් බුරුලක් ලබා දෙමිනි.

බංග්ලාදේශ කණ්ඩායමේ 8 වැනි කඩුල්ලේ සිට 10 වැනි කඩුල්ල දක්වා කිසිදු ලකුණක් වාර්තා නොවූ අතර ප‍්‍රවීන් ජයවික‍්‍රම හමුවේ මේ තරගයේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීගිය 05 වැනි පිතිකරුවා ලෙස අඹු ජායෙඞ්ගේ නම සටහන් කරමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 227 දී නිමාවට පත් විය.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදී කඩුලූ 10 ක් දවාගත් පළමු පන්දු යවන්නා වූ ප‍්‍රවීන්ගේ පන්දු යැවීම පිළිබඳව නායක දිමුත් කරුණාරත්න තරගයෙන් අනතුරුව ප‍්‍රකාශ කළේ ”ඔහු හරි තැනට පන්දුව පතිතකරමින් පිතිකරුවන් දවා ගැනීමට කටයුතු කළ බවයි.

ශී‍්‍ර ලංකාවේ විශිෂ්ට පන්දු යවන්නකු වූ රංගන හේරත් ද නියම තැනට පන්දුව පතිතකරමින් කඩුලූ දවාගත් බවත් ප‍්‍රවීන්ගෙන් ද එම හැකියාව දැකගත හැකි බවත් දිමුත් ප‍්‍රකාශ කර සිටියේය. ප‍්‍රවීන් සිය කාර්ය 100% ක් හොඳින් ඉටුකළ බවත් පීඩනය හසුරුවා ගෙන ඔහු දක්වන ලද දස්කම් අගය කළ යුතු මට්ටමේ ඇති බවත් දිමුත් එහිදී කීවේය.

srilanka1එසේම ප‍්‍රවීන්ට සහාය ලබාදුන් රමේෂ් මෙන්ඩිස්ව ද අමතක නොකළ ශී‍්‍ර ලංකා නායකයා ඔවුන් දෙදෙනාගේ මනා සුසංයෝගය ශී‍්‍ර ලංකාවට ජය මාවත විවර කළ බව ද පැවසීය.

පළමු තරගයේදී ද්විත්ව ශතකයක් සමගින් සමස්ත තරගාවලියේදී ලකුණු 428 ක් ලබාගත් ශී‍්‍ර ලංකා නායකයා තරගාවලියේ වීරයා බවට පත් විය.

ප‍්‍රවීන්ට ඉහළින් පළමු ටෙස්ට් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ කී‍්‍රඩකයන් 9 දෙනකු සිටින අතර ඉන් හොඳම දක්‍ෂතාව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ එන්.ඞී. හිරාමනි නම් කී‍්‍රඩකයා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 136 ට කඩුලූ 16 ක් දවා ගැනීමය.

එම දක්‍ෂතා අතර ආසන්නම දක්‍ෂතාවය වන්නේ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ ජෙසන් ක්‍රෙස්ජා 2008 වසරේදී ඉන්දියාවට එරෙහිව කඩුලූ 10 ක් දවා ගැනීමේ වාර්තාව වන අතර වසර 13 කට පසුව ප‍්‍රවීන් ක්‍රෙස්ජාව ඉක්මවා ගියේ කඩුලූ 11 ක් සිය නම ඉදිරියේ සටහන් කර ගනිමිනි.

අවසාන වරට ශී‍්‍ර ලංකාව මීට පෙර ටෙස්ට් තරගයක් ජයගෙන තිබුණේ 2019 වසරේ අගෝස්තු මාසයේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේ දීය.

කුෂාන් සුබසිංහ

p14 4 1

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles