Divaina - ඔලිම්පික් දිනූ පාරමීගේ දිවියම අදුරුවෙලා - ධීවර කටයුතු කළ පියා ඉන්දීය අත්අඩංගුවේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

paramiශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්පත් කරදුන් 2018 යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම්ලාභී පාරමී වසන්ති දැරිවියගේ පියා ඉන්දියාවේ අන්දමන් ¥පත්වල ඉන්දියන් වෙරළ ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ලදුව මාස ගණනාවක් තිස්සේ රඳවා සිටීම හේතුවෙන් ඔවුහු දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටිති.

ධීවර රැුකියාවේ නිරත පාරමී වසන්තිගේ පියා වන අන්තෝනි ටියුඩර් යන අය ඉකුත් ජනවාරි මස 6 වන දින ඉනුක්ෂි - 10 බහුදින ධීවර යාත‍්‍රාවෙන් ත‍්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ධීවර කටයුතුවල නිරතව සිටියදී එම මස 28 වන දින ඉන්දීය වෙරළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ධීවර යාත‍්‍රාවේ ස්කීපර් ඇතුළු හය දෙනෙක් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එම ධීවර පිරිස හලාවත අඹක`දවිල සහ තොඩුවාව යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝය. පාරමී වසන්තිගේ පියා අඹක`දවිල ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

පාරමී වසන්ති කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යායාලයේ ඉගෙනුම ලබන අතර ඇය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා පාරමීය. ඇයගේ සොහොයුරිය සබරගමු විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන්නීය. වැඩිමහල් සොහොයුරා විවාහ වී වෙනම ජීවත් වේ. ඔහුගේ රැුකියාව ද ධීවර කර්මාන්තයයි. මව නිවසේ රැු`දී සිටී.

දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු පවුලේ අවශ්‍යතාවන් පවත්වාගෙන යෑමට ඇති එකම ආදායම් මාර්ගය පියාගේ රැුකියාවයි. මාස දෙකහමාරකට ආසන්න කාලයක් ඇයගේ පියා ඉන්දීය රජයේ ආරක්ෂක අංශ විසින් රඳවාගෙන සිටීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.

පාරමී වසන්ති පසුගිය කාලයේ කෙන්නියා ජාතික ක‍්‍රීඩා පුහුණුකරුවකු යටතේ පුහුණුවීම් කටයුතු සිදුකළ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම පුහුණුවීම් කටයුතු තාවකාලිකව නවතා තිබේ. එහෙත් ඇයට නිර්දේශිත පෝෂ්‍යදායී ආහාර හා කිරිපිටි වර්ග ලබාගැනීමට ප‍්‍රමාණවත් ආර්ථික පහසුකම් නොමැතිවීම කනගාටුවට කරුණකි.

2016 වසරේ රුසියාවේ පැවති ළමා ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් හිමි කරගත්, 2018 වර්ෂයේ ජපානයේ පැවති කනිෂ්ඨ ආසියානු මළල ක‍්‍රීඩා තරගයෙන් මීටර් 3000 බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කමක් හිමිකර ගත්, තායිලන්තයේ පැවැති යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ තේරීම් තරගාවලියේදී රන් පදක්කමක් හිමි කර ගත් සහ 2018 වර්ෂයේ ආජන්ටිනාවේ පැවති තුන්වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ ලෝකඩ පදක්කමක් හිමි කර ගත් පාරමී වසන්තිගේ අනාගත බලාපොරොත්තුව කුමන බාධක එල්ල වුවත් ශ‍්‍රී ලංකාවට කෙසේ හෝ ඔලිම්පික් පදක්කමක් ලබා දීමට තමාගේ එක්ම අධිෂ්ඨානය බව ඇය පැවසුවේ සිය දෙකම්මුල්වලින් ගලා හැලෙන ක`දුළු පිස දමමින්ය.

පාරමී වසන්ති රටට ගෞරවයක් අත්කර දෙමින් මෙරටට පැමිණෙන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇයව පිළිගැනීමට පැමිණි මැති ඇමැතිවරුන් ක‍්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ඇය සහ ඇයගේ පවුලේ අය පත්ව සිටින තත්ත්වය නොදන්නවා විය හැකියි. එසේත් නැතිනම් දැනගෙන නොදන්නා බව හඟවනවා විය හැකිය. කෙසේ වෙතත් මෙවැනි වටිනා සම්පතක් රැුක ගැනීම රටේ බලධාරීන්ගේ යුතුකම නොවේද? ඇය පවසා සිටින්නේ තමන්ගේ පියා සහ සෙසු ධීවරයන් සම්බන්ධව සොයා බලා කඩිනමින් ලංකාවට රැුගෙන ඒමට කටයුතු කරනවා මෙන්ය.

පවතින තත්ත්වය සම්බන්ධව අදහස් දක්වන පාරමී වසන්තිගේ මව වන රීටා මාග‍්‍රට් සිල්වා මහත්මිය-

මගේ බාල දියණිය කුඩා කල සිටම ක‍්‍රීඩාවට දක්ෂයි. වගේම වැඩිමහල් දියණියන් ක‍්‍රීඩාවෙන් දස්කම් දක්වලා තියෙනවා. අපි ගොඩක් මහන්සි වෙලා තමයි මේ දෙන්නට ඉගැන්නුවේ. ක‍්‍රීඩා කටයුතු කළේ. දුවලගෙ තාත්තා ධීවර

රැුකියාවෙන් හම්බ කරන දෙයින් වියදම් කරල හැකි පමණින් අපි දරුවන්ව මේ තැනට ගේන්න කැපකිරීම් කළා. දුව ලංකාවට ගෞරවයක් ලබා දුන්නා. එයාව අගය කළා. ඒ වගේ අපි මේ ඉන්න ගේ නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා තරමක් දුරට හදලා දුන්නා. මම ඒ සියලූ දෙනාටත් රජයටත් නිලධාරීටත් ස්තුති කරනවා. එවකට හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහත්තයා අපිට එන්න කියලා නිවසක් ලබා දුන්නා අඟුලාන ප‍්‍රදේශයේ මහල් නිවාසයක් තමයි අපට ලබා දුන්නේ. අපිට යතුර දීලා කිව්වා ඒ නිවසට යන්න කියලා. නමුත් ඒ නිවසට යන්න තරම් තත්ත්වයක් තිබුණේ නෑ. පස්සේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් පනස් දහසක මුදලක් ලබා දෙන්න කියලත් අපිට දන්වලා තිබුණා. ඇත්තටම ඒ මුදල අපිට ලබා දෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. පසුගිය මාසයේ මාසික වාරික වශයෙන් රුපියල් 4250 ක මුදලක් ගෙවන්න කියලා අපට ලිඛිතව දන්වලා තියෙනවා. ඒ මුදල අවුරුදු තිහක් ගෙවන්න ඕන. නමුත් අපිට ඒ වගේ තත්ත්වයක් නෑ. මගේ මහත්තයා ධීවර රැුකියාව කරලා තමයි අපිව ජීවත් කරවන්නෙ. ඒත් ගිය ජනවාරියේ මුහුදු රස්සාවට ගිහිල්ලා ඉන්දියාවෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපිට එයාට කතා කරන්නත් විදිහක් නෑ. එක එක්කෙනා කියන පණිවුඩ තමයි අපි දන්නේ. මම කියන්නේ කොහොමහරි එයාව බේරලා දෙන්න කියලා. අපි වැඳලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා අපි මේ ඉන්න තත්ත්වෙ බලලා මගේ මහත්තයව කොහොමහරි නිදහස් කරල දෙන්න කියල.

අමරනන්ද විජේසේකර - මහවැව

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles