Divaina - තිසර සමුගනී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

thisara1ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යන බව ප‍්‍රකාශයට පත් කර තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරමින් ඊයේ (03 වැනිදා* මේ බව කියා සිටියේය.
 
 සිය සමුගැනීම සම්බන්ධයෙන් තිසර පෙරේරා ලිපියක් මාර්ගයෙන් ඊයේ කි‍්‍රකට් ආයතනයට දන්වා තිබේ. එහිදී දක්ෂතා ඇති තරුණ ක‍්‍රීඩකයන්ට කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමේ ඉඩ ප‍්‍රස්ථාව විවර කර දීමේ අරමුණ ඇතිව තමන් එම තීරණයට එළැඹි බවත්, ඒ සඳහා වන සුදුසුම කාලය මෙය බවත් එම ලිපිය මගින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔහු දැනුම් දී තිබේ. එම ලිපිය මඟින් වැඩිදුරටත් කරුණු දක්වා ඇති තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා, තම පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වැඩි ඉඩ කඩක් වෙන් කිරීමට මේ හරහා හැකියාවද තමාට හිමිවන බව පෙන්වා දී තිබේ.
 
 2009 වසරේදී ජාත්‍යන්තර තරග පිටියට පිවිසි තිසර පෙරේරා, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින තරග 166ක්, ටෙස්ට් තරග 6ක් සහ විස්සයි විස්ස තරග 84ක් කී‍්‍රඩා කර තිබේ. එක්දින ජාත්‍යන්තර තරග 3 කදී සහ විස්සයි-20 තරග 9 කදීත් ශ‍්‍රී ලංකාව මෙහෙයවා ඇති තිසර පෙරේරා එහිදී සමස්ත ලකුණු 3745ක් සහ කඩුලූ 237ක් බිඳ දැමීමට සමත්ව තිබේ. තිසර පෙරේරා තරගයකදී එක් පන්දුවාරයකදී හයේ පහර 6ක් එල්ල කිරීමට සමත්ව ඇති එකම ශී‍්‍ර ලංකා පිතිකරුවාද වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles