Divaina - රිනවුන් පරදා කොළඹ ජය ලබයි - ශ‍්‍රී ලංකා සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලිය

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

foot2පසුගිය ඉරිදා (02දා) රාත‍්‍රියෙහි කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී ක‍්‍රියාත්මක කෙරුණු ශ‍්‍රී ලංකා සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලිය ආශ‍්‍රිතව ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට කොළඹ පාපන්දු සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.
 
 මෙවර තරග මාලාව යටතේ කොළඹ පාපන්දු සමාජය ලබාගත් දෙවන ජයග‍්‍රහණය ලෙස මෙය සටහන් විය.
 
 ඒ අනුව පසුගිය සතියේදී ප‍්‍රතිවාදී කළුතර බ්ලූ ස්ටාර්ස් පිල හමුවේ ලත් ගෝල් 01 - 00 ක පරාජයේ වේදනාව යම් තරමකින් අවම කර ගැනීමට මෙම ජයග‍්‍රහණයත් සමඟම කොළඹ පිලට හැකි විය.
 
 විනිසුරු මොහොමඞ් ජෆාන් මහතාගේ නළා හඬට අනුව ඇරඹි කොළඹ සහ රිනවුන් යන දෙපිල අතර තරඟයෙන් ගෝල් 02 - 01 ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට කොළඹ ක‍්‍රීඩකයින්ට හැකි විය.
 
 තරගය ඇරඹී ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් තත්ත්වය 01 - 01 ක් ලෙස සම මට්ටමක වීම හේතුවෙන් උණුසුම වඩාත් තීව‍්‍ර වන අයුරු තරගයේ දෙවන භාගය තුළ දක්නට ලැබුණි.
 
 එහිදී ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් තම දෙවන ගෝලය වාර්තා කර ගැනීමට කොළඹ පාපන්දු සමාජය අවසන් භාගයේදී සමත් විය. ඒ අනුව ගෝල් 02 - 01 ක ජයග‍්‍රහණයක් කොළඹ පාපන්දු සමාජයට ලැබුණි.
 
 තරඟයේ ප‍්‍රථම ගෝලය කොළඹ වෙනුවෙන් 34 වෙනි මිනිත්තුවේදී එම්. සර්වාන් ජොහාර් විසින් වාර්තා කළ අතර මොහොමඞ් අමාන් 43 වැනි මිනිත්තුවේදී ගෝලයක් රැුස්කරමින් රිනවුන් කණ්ඩායමේ සටන්කාමිත්වය ප‍්‍රදර්ශනය කිරීමට සමත් විය. එහෙත් 50 වැනි මිනිත්තුවේදී තම පිල වෙනුවෙන් ජයග‍්‍රාහී ගෝලය සටහන් කිරීමට මොමාස් යාපෝ සමත් විය.
 
 මේ අතර වාරයේ එදින සවස පැවැත්වීමට නියමිතව තිබුණු නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් සහ ඩිෆෙන්ඩර්ස් අතර තරඟය කල් දැමීමට සංවිධායකයින් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගත්තේය.
 
 ඒ මෙවර තරග මාලාව යටතේ නිකුත් කර ඇති කොන්දේසි වලට අනුව පවතින කොවිඞ් - 19 වෛරස ව්‍යාප්තියෙන් ක‍්‍රීඩකයින් ආරක්ෂා කර ගැනීම සඳහා පියවරක් ලෙසිනි.
 
 ඉරිදා (02දා* දහවල් කොළඹ රත්නම් ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී ඩිෆෙන්ඩර්ස් ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයින් පස්දෙනකු කොවිඞ් - 19 වෛරස තත්ත්වය ධනාත්මක වීම මෙම තරගය කල් දැමීමට ප‍්‍රධානතම හේතුව විය.
 
 දින නියමයක් නොමැතිව කල් දැමුණු මෙම තරගය පැවැත්වෙන දිනය ඉදිරියේදී තීරණය කිරීමට සංවිධායකයින් කටයුතු කරනු ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles