Divaina - බංග්ලාදේශය හමුවේ - ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ වෙහෙසට පත්වෙති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 22 2මහනුවර පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් දිනය පුරාම වෙහෙසට පත් කිරීමට සමත් වූ සංචාරක බංග්ලාදේශ කී‍්‍රඩකයෝ දෙරට අතර ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ඊයේ (21 වැනිදා) තරගය නතර කර දමන විටදී සිය පළමු ඉනිම සඳහා කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 302ක් ලබා සිටියේය. එ් අනුව දිනය අවසානයේදී නොදැවී පන්දුවට පහරදෙමින් සිටි නජ්මුල් හුසේන් ලකුණු 126ක් සහ නායක මොමිනුල් හක් ලකුණු 64ක් ලබා සිටියේය.
 
 කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමුවෙන් පිති ප‍්‍රහාරයේ යෙදීමට තීරණය කළේය. එ් අනුව ඉනිම ආරම්භ කළ තමිම් ඉක්බාල් සහ සයිෆ් හසන්ගේ සම්බන්ධතාව ලකුණු 8කට සීමා කිරීමට විශ්ව ප‍්‍රනාන්දු සමත් විය. පන්දු 6කට මුහුණ දී සිටි සයිෆ් හසන් කිසිදු ලකුණක් වර්තා කිරීමට පෙර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත් විශ්ව ප‍්‍රනාන්දු බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 8දී බිඳ දැමීය. දෙවැනි කඩුල්ලට පිටියට එක්වූ නජ්මුල් හුසේන් සමග එක්වූ තමිම් ඉක්බාල් ටෙස්ට් තරගයකට වඩා එක්දින තරගයක පිතිහරඹයක් ප‍්‍රදර්ශනය කරමින් බංග්ලාදේශ ඉනිම ගොඩනැංවීමට සමත්විය.
 
 පන්දු 101කදී හතරේ පහර 15ක් සමගින් ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වූ තමිම් ඉක්බාල් සිය 10 වැනි ටෙස්ට් ශතකයට ලකුණු 10ක් පිටුපසින් සිටියදී විශ්වගේ පන්දුවක් හමුවේ තිරිමාන්න අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. එ් අනුව බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ලකුණු 144ක සම්බන්ධතාවය බිඳ වැටුණි.
 
 සිය 6 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන නජ්මුල් හුසේන් ඊයේ තමාගේ සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනය පුරාවට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත් කළ නජ්මුල් ඊයේ දිනට තරගය නතර කරන විටදී පන්දු 288කට මුහුණ දී නොදැවී ලකුණු 126ක් ලබා සිටියේය. එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 14ක් ඇතුළත් කිරීමටද ඔහු වගබලාගෙන තිබිණි.
 
 නජ්මුල්ගේ ඉනිමට අනෙක් පසින් සහය දැක්වූ නායක මොමිනුල් හක් ඊයේ දිනය නිමාවන විටදී පන්දු 150ක් පුරා නොදැවී කඩුල්ලේ රැුඳී සිටිමින් නොදැවී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වී සිටියේය. එහිදී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට එරෙහිව හතරේ පහර 6ක් එල්ල කිරීමටද ඔහු සමත් වී සිටියේය.
 
 වේග පන්දු යවන්නන් සඳහා උචිත යැයි සැලකෙන පල්ලෙකැලේ තණතීරවේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඊයේ වේග පන්දු යවන්නන් තිදෙනෙක් කැඳවා තිබුණි. ඓහෙත් පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට උචිත බවක් පළමු දිනයේ තණතීරුවෙන් ප‍්‍රදර්ශනය කෙරුණු අතර පන්දු වාරයකට ලකුණු 3.39ක පමණ දළ ලකුණු වේගයකින් ලකුණු රැස් කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ එහිදී සමත් විය.

p14 22 1
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles