Divaina - ඩිලංක රිදී සහ ලෝකඩ දිනයි - ආසියානු ජ්‍යෙෂ්ඨ ශුරතා බර ඉසිලීමේ තරගාවලිය

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 3ආසියානු බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නගරයේදී දැන් ක‍්‍රියාත්මක ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (18* ශ‍්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් කිලෝග‍්‍රෑම් 55 ට අඩු බර පන්තියේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඩිලංක ඉසුරු කුමාර සමත්විය.

කිලෝග‍්‍රෑම් 137ක් සාර්ථකව ඔසවමින් Clean and Jerk ක‍්‍රමයට රිදී පදක්කමක් දිනා ගැනීමෙන් නොනැවතුණු දිලංක ඉසුරු කුමාර අදාළ ශරීර බර පන්තියේ මුළු බර එකතුව වෙනුවෙන් කිලෝ ග‍්‍රෑම් 241 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් ලෝකඩ පදක්කමත් හිමි කර ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

Snatch ක‍්‍රමයට ලෝකඩ පදක්කම දිනා ගැනීම සඳහා ගත් උත්සාහය කිලෝ ග‍්‍රෑම් 04 කින් ඔහුට මඟ හැරුනි. එහිදී ඔහුට එසවීමට හැකි වූ බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 104 කි.

ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා බර ඉසිලීමේ තරගාවලියකදී ක‍්‍රීඩකයකු විසින් පදක්කම් දෙකක් දිනා ගන්නා ලද පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය.

මෙම බර පන්තියේ රන් පදක්කම සහ රිදී පදක්කම කසකස්ථානය නියෝජනය කළ ක‍්‍රීඩකයින් දෙපලට හිමි වූ අතර එහි සිව්වැනි ස්ථානය සත්කාරක උස්බෙකිස්තානය සතුවිය.

2019 වසරේ චීනයේ දී පැවති පසුගිය ආසියානු ජ්‍යෙෂ්ඨ ශුරතා තරඟාවලියේ දී ද දක්ෂතා අතර රැුඳෙමින් කිලෝ ග‍්‍රෑම් 55 ට අඩු බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දිලංක ඉසුරු කුමාර සමත් වූයේ ශ‍්‍රී ලාංකිකයකු අදාළ තරගාවලියක ලත් පළමු ජයග‍්‍රහණය ලෙස වාර්තා කර ගනිමිනි. එහිදී ඔහු ඔසවන ලද බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 135කි. ඒ අනුව පිට පිට දෙවසරක් තුළ පදක්කම් දිනා ගැනීමට දිලංක ඉසුරු කුමාරට හැකි වීම සුවිශේෂත්වයකි.

කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සහ ගැට්ටුවාන මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඩිලංක ඉසුරු කුමාර ඊයේ (18* ලත් තම ජයග‍්‍රහණයෙන් අනතුරුව වත්මන් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මාට ශ‍්‍රී ලංකා යුද හමුදා හමුදාපතිතුමා ඇතුළු පොදු සේවා බළකායේ නිලධාරීන්ට මෙන්ම තමන්ට ගුරුහරුකම් දුන් පුහුණුකරුවන්ට කෘතඥතාවය පුද කර සිටියේය. එමෙන්ම ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එක් තරගයකදී පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකි වීම පිළිබඳව අතිශය සතුටට පත්වන බව ඊයේ (18දා* ‘දිවයින’ට පැවසීය.

මේ අතර වාරයේ කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පංතිය යටතේ තරග වැදුණු තිලංකා විරාජ් පළඟසිංහට පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය. ඔහු එහිදී කිලෝ ග‍්‍රෑම් 145 ක් Clean and Jerk ක‍්‍රමයට එසවීමට සමත් වූවද එය පදක්කමක් දිනා ගැනීමට තරම් ප‍්‍රමාණවත් නොවීය. ආරම්භක ඉසව්ව ලෙස සහභාගි වූ Snatch ක‍්‍රමයට ගන්නා ලද උත්සාහයන් ත‍්‍රිත්වයම අසාර්ථක වීම නිසා සමස්ත බර එකතුව සඳහා නම එකතු කර ගැනීමට ඔහුට නොහැකි වීම ද කැපී පෙනුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles