Divaina - ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය ඇරැඹේ - ශූරයින්ට ලක්ෂ ගණනින් තෑගි බෙදන

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 1රුපියල් ලක්ෂ 220 කට  වඩා වැඩි ත්‍යාග මුදලක් පිරිනැමීම උදෙසා සංවිධානය කර ඇති තරග 45 කින් සැදුම්ලත් ශ‍්‍රී ලංකා ‘‘සුපර් ලීග්’’ වෘත්තීය පාපන්දු තරගාවලිය ස`දුදා (19* පස්වරු 04:30 ට වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජය සහ කොළඹ පාපන්දු සමාජය අතර කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයෙන් ආරම්භ කෙරේ.

දේශීය පාපන්දු කෙළිබිම තුළ සිටින ප‍්‍රබලතම පාපන්දු ක‍්‍රීඩා සමාජ 10 ක් අතර මෙම කුළු`දුල් තරගාවලිය ක‍්‍රියාත්මක කෙරෙන අතර එය ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කර තිබේ. මෙහි සියලූම තරග කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදීම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

මෙදින ඇරඹෙන ‘‘සුපර් ලීග්’’ වෘත්තීය පාපන්දු තරගාවලිය එළඹෙන අගෝස්තු මස 08 දින දක්වා ක‍්‍රියාත්මක කෙරේ.

පුරා සති 09 ක් තිස්සේ පැවැත්වෙන මෙවර තරගාවලිය යටතේ එක් ක‍්‍රීඩා සමාජයක් සහභාගි විය යුතු තරග සංඛ්‍යාව 09 කි.

මෙවර තරගාවලිය විනිශ්චය සඳහා තෝරා ගෙන ඇති විනිශ්චයකරුවන් සංඛ්‍යාව 40 කි. ඒ අතරේ අන්තර්ජාතික විනිශ්චයකරුවන් හා ජාත්‍යන්තර සහාය විනිශ්චකරුවන් 12 දෙනකු සිටීම කැපී පෙනෙයි. මේ දිනවල සෞදි අරාබියේ දී ක‍්‍රියාත්මක කෙරෙන ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ විනිශ්චයට සම්බන්ධව සිටින ඩිලාන් පෙරේරා සහ නිවෝන් රුබේෂ් යන මහත්වරුන් ශ‍්‍රී ලංකා සුපර් ලීග් තරගාවලියට පසුව එක් වීමට නියමිතය.

ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා* පාපන්දු සමාජය, සී හෝර්ක්ස් (නාවික හමුදා* පාපන්දු සමාජය, බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා* පාපන්දු සමාජය, නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් ක‍්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජය, පානදුර රෙඞ් ස්ටාර්ස් ක‍්‍රීඩා සමාජය, කළුතර බ්ලූ ස්ටාර්ස් ක‍්‍රීඩා සමාජය, කොළඹ ක‍්‍රීඩා සමාජය සහ කොළඹ රිනවුන් ක‍්‍රීඩා සමාජය සමාරම්භක ශ‍්‍රී ලංකා සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇතිව තරග වැදීමට සුදුසුකම් ලබා සිටී.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උපදෙස් අනුව ප‍්‍රථම වතාවට හඳුන්වා දුන් ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ කුළුඳුල් ශූරයන්හට අභියෝග කුසලානයට අමතරව රුපියල් මිලියන 05 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබීම කැපී පෙනෙයි.

එහි අනු ශූරයන්හට රුපියල් මිලියන 3.5 ක් ද දෙවන අනු ශූරයන් සඳහා රුපියල් මිලියන 2.75 ක්ද සිව්වන ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 2.5 ක් ද පස්වැනි ස්ථානයට රුපියල් මිලියන 2.25 ක් ද පිරිනැමේ.

හයවැනි ස්ථානය තහවුරු කරගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 02 ක් ද සත් වැනි ස්ථානයට පත්වන කණ්ඩායමට රුපියල් මිලියන 1.5 ක් ද අට වෙනි ස්ථානයට පත්වන කණ්ඩායමට රුපියල් මිලියන 1.5 ක් ද නව වෙනි ස්ථානයට හිමිවන කණ්ඩායමට රුපියල් මිලියන 1.25 ක් ද ත්‍යාග මුදල් ලෙස පිරිනැමීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ. රුපියල් මිලියනයක් මෙවර තරගාවලියේ අවසන් ස්ථානය හිමිවන කණ්ඩායමට පිරිනැමීමට සංවිධායකයන් බලාපොරොත්තු වේ.

එය ශ‍්‍රී ලාංකේය පාපන්දු කෙළිබිම තුළ පිරිනැමෙන විශාලතම මුදල් ප‍්‍රමාණය ලෙස ඉතිහාසගත වනු ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද අනුග‍්‍රහකත්වය දක්වා තිබීම කැපී පෙනේ.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති මෙරට ආරම්භක වෘත්තීය පාපන්දු තරගාවලිය ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති අනුර ද සිල්වා සහ එහි ලේකම් ජස්වර් ඔමාර් යන මහතුන්ගේ

ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මෙහෙයවනු ලබයි.

ස`දුදා (19* සිට 25 (ඉරිදා) දක්වා ක‍්‍රියාත්මක කෙරෙන ආරම්භක සතියේ තරග සැලසුම පහත දැක්වේ. සමාරම්භය සිදුවන සතියේ දී එක් කණ්ඩායමක් තරග දෙකකට සහභාගි වීම කැපී පෙනේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles