Divaina - මීටර් 200 ජාතික ශූරයා විනෝජ්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 2 රිට්ස්බරි මව්බිමට වීරයෙක් වැඩසටහන යටතේ අනුග‍්‍රාහක ශක්තිය ලබන තවත් මලල කී‍්‍රඩකයෙකි විනෝජ් සුරංජය ද සිල්වා. මීටර් 100 සහ මීටර් 200 ඉසව්වෙන් මව්බිමට කීර්තියක් අත්කර දීමට සමත්ව ඇති විනෝජ් මලල කී‍්‍රඩාවට අවතීරණ වන්නේ බලපිටිය ප‍්‍රදේශයෙනි.
 
 අම්බලන්තොට ශී‍්‍ර දේවානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා චමිල ද සිල්වා සහ මිලින්ද අබේසූරිය යන පුහුණුකරුවන්ගෙන් සිය කී‍්‍රඩා කෞෂල්‍ය වර්ධනය කරගත් විනෝජ් මීටර් 200 ජාතික වාර්තාවට හිමිකම් කීමට මේ වන විට සමත්ව සිටී. එ් අනුව විනෝජ්ගේ මීටර් 200 ඉසව්වේ සිය පෞද්ගිලක හොඳම කාලය තත්පර 20.68ක් ලෙසින් සටහන් වෙද්දී මීටර් 100 ඉසව්වෙන් පෞද්ගලික හොඳම කාලය තත්පර 10.27ක් ලෙසින් සටහන් කර ගැනීමට විනෝජ් සමත්වී තිබේ.
 
 2016 දකුණු ආසියානු තරගාවලියේ පළමු ස්ථානයට පත්වන්නට විනෝජ් සමත් වූ අතර 2012 වසරේදී රිට්ස්බරි අනුග‍්‍රාහක ශක්තියෙන් පැවැති ජෝන් ටාබර්ට් මලල කී‍්‍රඩා උළෙලේ මීටර් 200 පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මෙන්ම දේශීය කී‍්‍රඩා තරගාවලි නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීම විනෝජ්ගේ ඉදිරි බලාපොරොතතුව බවට පත්ව තිබේ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles