Divaina - කොරෝනා අස්‌සේ අයිපීල් ඇරැඹේ... සමාරම්භයට මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් ගැටෙති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ipl4442021 ඉන්දීය පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය අද (09 වැනිදා* ආරම්භ වේ. එ් අනුව අද පැවැත්වෙන සමාරම්භක තරගයේදී පසුගිය ශූරයන් වූ රෝහිත් ෂර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ විරාට් කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම චෙන්නායිහි චිදම්බරම් කී‍්‍රඩාංගණයේදී මුණ ගැසීමට නියමිත අතර ශී‍්‍ර ලංකා වේලාවෙන් රාති‍්‍ර 7.30ට තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.
 
 ගෝලීය වසංගතයක් වූ කොරෝනා වෛරස් තත්ත්වය පසුගිය තරගාවලියට මෙන්ම මෙවර තරගාවලියටද බලපෑම් ඇති කළද අදාළ තරගාවලිය පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර තිබේ. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් කිහිපයකම කී‍්‍රඩකයන් කිහිප දෙනකුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. එ් අනුව අද තරගයට කී‍්‍රඩා කිරීමට නියමිතව සිටි රෝයල් චැලෙන්ජර්ස් කී‍්‍රඩක දෙව්දත් පඩික්කාල් සහ ඩැනියෙල් සැම්සන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර දිල්ලි කැපිටල්ස් කී‍්‍රඩක අක්සාර් පටේල්ටද මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
 
 පසුගිය වසරේ තරගාවලිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විණි. මෙවර සමාරම්භක තරගය චෙන්නායි නුවර පැවැත්වුවද හෙට (10 වැනිදා* පැවැත්වෙන තරගය වන්කඬේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ.
 
 පසුගියදා එහි කාර්යය මණ්ඩලයේ 8 දෙනකුට කොරෝනා වැළඳීම හේතුවෙන් තරගාවලිය අදාළ කී‍්‍රඩාංගණයේ නොපැවැත්වීමට පළමුවෙන් තීරණය කර තිබිණි.
 
 ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියට මෙවර කිසිදු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු තෝරා නොගත්තද ප‍්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ශී‍්‍ර ලංකාවේ හිටපු කී‍්‍රඩක මහේල ජයවර්ධන මෙවරත් කටයුතු කරනු ලබයි. එ් අනුව මෙවර තරගාවලියේදී මුම්බායි කණ්ඩායමේ සූදානම පිළිබඳ අදහස් දැක්වූ මහේල ජයවර්ධන ‘අපේ කණ්ඩායම ඉතාමත් ස්ථාවර තත්ත්වයක ඉන්නවා. එහෙත් අපි තවත් අපේ සියලූම අංශ වැඩි දියුණු කරගෙන තවත් ස්ථාවර විය යුතුයි. අපිට ඉතාම හොඳ සංකලනයක් තියෙනවා. හොඳ පිතිකරුවන් වගේම හොඳ පන්දු යවන්නන් ඉන්නවා. එ් වගේම කණ්ඩායමට ඇතුළත් වෙන්නත් තව කිහිප දෙනෙක් ඉන්නවා. අපේ කොන්දේසිවලට ගැළපෙනවා නම් අපි ඔවුන් ගැනත් අවධානය යොමු කරනවා’ යැයි කියා සිටී.
 
 ඉන්දීය පි‍්‍රමියර් ලීග් ශූරතාව වැඩිම වාර ගණනක් දිනා ගැනීමට සමත්ව ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වනවිට පස් වතාවක් ශූරයින් බවට පත්ව තිබේ. අවසන් වරට 2019 සහ 2020 වසර දෙකේදී පිට පිටම ශූරතාව දිනා ගැනීමට සමත්ව ඇති මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේදීද ශූරතාව දිනා ගැනීමට සමත්වුවහොත් පිට පිටම වැඩිම වාර ගණනක් ශූරතාව දිනූ කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පත්වේ. දැනට චෙන්නායි සුපර් කිංග් කණ්ඩායම 2010 සහ 2011 වසරේදී පිට පිටම ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.
 
 රාජස්ථාන් රෝයල් කණ්ඩායම ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ පළමු ශූරයෝ බවට පත්ව සිටිති. අයිපීඑල් තරගාවලිය ඇරැුඹි 2008 වසරේදී අවසන් මහා තරගයේදී චෙන්නායි කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාව දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් විය.
 
 අද පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කිරීමට අපේක්ෂිත කණ්ඩායම් දෙක -
 
 මුම්බායි ඉන්දියන්ස් - කි‍්‍රස් ලීන්, රෝහිත් ෂර්මා, සූර්ය කුමාර් යාදව්, ඉශන් කිශන්, හාර්දික් පාණ්ඩ්‍යා, කිරන් පොලාඞ්, කෘනාල් පාන්ඩ්‍යා, රාහුල් චහර්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, පි‍්‍රයුශ් චවුලා, ජස්පි‍්‍රට් මුම්රා.
 
 රාජස්ථාන් රෝයල් - මොහොමඞ් අසාරුදීන්, විරාට් කෝලි, රජට් පට්දාර්, එ්. බී. ඩිවිලියර්ස්, ග්ලේන් මැක්ස්වෙල්, සචින් බෙබි, වොශින්ටන් සුන්දර්, කයිල් ජෙම්ස්, ඇඩම් සම්පා, යුශ්වෙන්දර් චහල්, මොහොමඞ් සීරාස්.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles