Divaina - ශී‍්‍ර ලංකා - කොදෙව් විස්සයි විස්ස සටන ඇරැඹේ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කසුන් රණවීර
 
kodew වසරකට වැඩි කාලයකට පසු ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් ඇන්ටිගුවාහිදී හෙට (04 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබේ. එ් අනුව දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට පෙරවරු 3.30ට ආරම්භ වේ.
 
 විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් යන කාණ්ඩ 3ම යටතේ පැවැත්වෙන දීර්ඝ තරග සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම
 
 පසුගියදා කොදෙව් දේශය බලා පිටත්ව ගිය අතර අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයෙන් එම තරගාවලිය ආරම්භ වේ. එ් අනුව කොරෝනා වසංගත තත්ත්වයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු විදෙස් සංචාරය මෙම තරගාවලිය බවට පත් වේ. දෙරට අතර අදාළ තරගාවලිය පසුගිය පෙබරවාරි මස 28 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද ශී‍්‍ර ලංකා සංචිතයේ සිටි ළහිරු තිරිමාන්නට සහ පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තරගාවලිය කල් දැමීමට බලධාරීන් තීරණය කළේය.
 
 ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වන විට පන්දුවාර විස්සයි විස්ස තරග 11ක් පවත්වා ඇති අතර එහිදී තරග 6ක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබේ. ඉන් තරග 5ක ජය හිමිකර ගැනීමට කොදෙව්වෝ සමත් වෙද්දී ශ‍්‍රී ලංකාව සියයට 54.54ක ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත්වී සිටිති. ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පසුගිය වසරේ මාර්තු මාසයේදී අවසන් වරට විස්සයි විස්ස තරගාවලියකදී මුණු ගැසුණු අතර එම තරගාවලියේදී 2-0 පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට කොදෙව්වෝ සමත් වූහ.
 
 අද දිනයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙවනු ඇත. ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසින් පත් කළ දසුන් ශානකට ඇති වූ වීසා ගැටලූවක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වූ අතර අනතුරුව කණ්ඩායමේ නායකත්වයේ වගකීම මැතිව්ස් වෙත භාර කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තීරණය කළේය.
 
 මේ අතර ශී‍්‍ර ලංකාවට එරෙහි කොදෙව් සංචිතය මේ වන විට ප‍්‍රකාශයට පත්කර තිබේ. එහිදී කිරන් පොලාඞ්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් විස්සයි විස්ස සංචිතය සඳහා කලකට පසු කි‍්‍රස් ගේල් සහ ෆිදෙල් එඞ්වර්ඞ් කැඳවා තිබේ. කි‍්‍රස් ගේල් වසර 2කට පසු ජාතික කණ්ඩායමට කැඳවීමට කොදෙව් තේරීම් කමිටුව මෙවර තීරණය කර තිබේ. මීට අමතරව කී‍්‍රඩකයන් 14ක් ඇතුළත් අදාළ සංචිතය සඳහා නවක කී‍්‍රඩකයන් වන අකීල් හුසේන් සහ කෙවින් සින්ක්ලියර් කැඳවා තිබේ. ඇන්ඩි‍්‍ර රසල්, ෂෙල්ඩන් කොටෙ‍්‍රල්, ඔෂේන් තෝමස්, ශිමර්න් හිට්මයර් සහ රොස්ටන් චේස් ශී‍්‍ර ලංකාවට එරෙහි විස්සයි විස්ස සංචිතයෙන් ඉවත් කර තිබේ.
 
 කොදෙව් සංචිතය
 
 කිරන් පොලාඞ්, නිකොලස් පූරන්, ෆේබියන් ඇල්න්, ඞ්වෝන බ‍්‍රාවෝ, ෆිදෙල් එඩවර්ඞ්, ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර්, කි‍්‍රස් ගේල්, ජේසන් හෝල්ඩර්, අකීල් හුසේන්, එවින් ලෙවිස්, ඔබේඞ් මැකොයි, රවුමන් පවෙල්, ලෙන්ඞ්ල් සිමනස්, කෙවන් සින්ක්ලියර්.
 
 ශී‍්‍ර ලංකා සංචිතය
 
 ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප‍්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, පැතුම් නිශ්ශංක, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිදු හසරංග, අශේන් බණ්ඩාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, අසිත ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles