Divaina - ලන්කන් කී‍්‍රඩකයෝ ශූරතාව දිනති - 23න් පහළ එක්දින කි‍්‍රකට් තරගාවලිය

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sport1 4ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර සමාජ වයස අවුරුදු 23න් පහළ ප‍්‍රධානතම එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලන්කන් කී‍්‍රඩා සමාජ කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත් විය. එ් අවසන් මහා තරගයේදී කොළඹ එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 59කින් පරාජයට පත් කරමිනි.
 
 කොළඹ එස්.එස්.සී. පිටයේදී පැවැති අදාළ අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනූ සත්කාරක එස්.එස්.සී. කණ්ඩායම පළමුවෙන් පනදුවට පහරදීමේ අවස්ථාව ලන්කන් කණ්ඩායමට භාර කළේය. එ් අනුව ඉනිම ආරම්භ කළ ලන්කන් පිතිකරුවෝ පන්දුවාර 49.2කදී සියලූ දෙනා දැවී ලකුණු 223ක අභියෝගයක් එස්.එස්.සී. කණ්ඩායමට ලබා දුන්හ. ලන්කන් ඉනිම ඔසාවා තැබීමට වැඩි දායකත්වයක් සැපයූ කසුන් අබේරත්න පන්දු 66කදී ලකුණු 51ක් රැුස් කළේය. එම ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වෙද්දී කසුන් සමග ලකුණු 76ක සම්බන්ධතාවක් සිව්වැනි කඩුල්ලට එක් කළ කෙවින් පෙරේරා ලකුණු 40ක් වාර්තා කළේය. නායක දමිත් ද සිලිවා පන්දු 39කදී ලකුණු 30ක් රැුස් කළේය.
 
 පිළිතුරු ඉනිම ආරම්භ කළ එස්.එස්.සී. කණ්ඩායමේ සියලූ පිතිකරුවන් පන්දුවාර 44.3කදී මුළු ලකුණු 164කට සීමා කිරීමට ලන්කන් පන්දු යවන්නෝ සමත් වූහ. නායක ෂම්මු අශාන් පන්දු 65කදී හතරේ පහර 6ක් සමගින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර නිපුන් ධනංජය පන්දු 61කට මුහුණ දෙමින් ලකුණු 38ක් ලබා සිටියදී දැවී ගියේය. එස්.එස්.සී. කණ්ඩයම පරාජයට ඇද දැමූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 29කට කඩුලූ 3ක් සහ හසිරු රුද්‍රිගෝ, සවන් කන්කානම්ගේ සහ සඳුන් සත්සර එස්.එස්.සී. ඉනිමේ කඩුලූ 2 බැගින් බිඳ දැමීය.
 
 ලකුණු තත්ත්වය
 
 ලන්කන් කණ්ඩයම පන්දුවාර 49.2කදී සියලූ දෙනා දැවී ලකුණු 223, (ළහිරු දිල්ශාන් 22, කෙවින් පෙරේරා 40, කසුන් අබේරත්න 51, දමිත් සිල්වා 30, උමේෂ් ලක්ෂාන් 21, දිලූම් තිලකරත්න 35/3, ෂම්මු අශාන් 31/3, කලන පෙරේරා 50/2)
 
 එස්.එස්.සී. පන්දුවාර 44.3කදී සියලූ දෙනා දැවී ලකුණු 164යි (නිපුන් ධනංජය 38, කි‍්‍රෂාන් සංජුල 31, ෂම්මු අශාන් 50, දුනිත් වෙල්ලාලගේ 29/3, සඳුන් සත්සර 29/2, සවන් කන්කානම්ගේ 9/2, යසිරු රුද්‍රිගෝ 23/2)

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles