සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්හට ලබා දීමට තීරණය කර තිබේ. විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කළ දසුන් ශානකට ඇති වූ වීස ගැටලූව හේතුවෙන් අදාළ තරග සංචාරයට එක්වීමට මේ දක්වා නොහැකිවීම මත මෙම තීරණය ගත් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිවේදනය කර සිටී.
ශී‍්‍ර ලංකා සංචිතය පසුගය 23 වැනිදා කොදෙව් දේශය බලා පිටත්ව ගිය අතර දසුන් ශානකගේ
ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වීම නිසා ඇමෙරිකානු වීසා ලබා ගැනීමේදී ඇති වූ ගැටලූවක් හේතුවෙන් ඔහු තවමත් ශී‍්‍ර ලංකාවේ රැුඳී සිටී. එ් අනුව ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් කොදෙව් දේශයේදී දින 3ක නිරෝධායන කාලයකට යටත් විය යුතු අතර ලබන 03 වැනිදා සිට කි‍්‍රයාත්මක වන දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය දසුන් ශානකට බොහෝ දුරට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී. කෙසේ වෙතත් මෙම වීසා ගැටලූව විසඳාගත් වාහාම දසුන් ශානක කණ්ඩයම සමගින් එක්වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කර සිටී.
කෙසේ වෙතත් දසුන්ගෙන් හිස්වුණු නායකත්වයේ වගකීම එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ලබා දීමේ තීරණයක් පැවතියද දිමුත් කරුණාරත්න කිසිදු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් කී‍්‍රඩා නොකර තිබීම හේතුවෙන් නායකත්වයේ වගකීම මැතිව්ස් වෙත භාර කර තිබේ. මැතිව්ස් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 75ක් කී‍්‍රඩා කර ඇති අතර එහිදී මුළු ලකුණු 1119ක් වාර්තා කරමින් කඩුලූ 38ක් බිඳ දමා තිබේ.
මේ අතර ශී‍්‍ර ලංකාවට එරෙහි කොදෙව් සංචිතය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ. එහිදී කිරන් පොලාඞ්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් විස්සයි විස්ස සංචිතය සඳහා කලකට පසු කි‍්‍රස් ගේල් සහ ෆිදෙල් එඞ්වර්ඞ් කැඳවා තිබේ. මීට අමතරව කී‍්‍රඩකයන් 14ක් ඇතුළත් අදාළ සංචිතය සඳහා නවක කී‍්‍රඩකයන් වන අකීල් හුසේන් සහ කෙවින් සින්ක්ලියර් කැඳවා තිබේ. ඇන්ඩි්ර රසල්, ෂෙල්ඩන් කොටේරල්, ඔෂේන් තෝමස්, ශිමර්න් හිට්මයර් සහ රොස්ටන් චේස් ශී‍්‍ර ලංකාවට එරෙහි විස්සයි විස්ස සංචිතයෙන් ඉවත්කර තිබේ.
දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ලබන 03 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි සහ තුන් වැනි තරගය පිළිවෙළින් ලබන 05 සහ 07 යන දෙදින පැවැත්වේ.
නම් කළ කොදෙව් සංචිතය
කිරන් පොලාඞ්, නිකොලස් පූරන්, ෆේබියන් ඇල්න්, ඞ්වෝන බ්රාවෝ, ෆිදෙල් එඩවර්ඞ්, ඇන්ඩි්ර ෆ්ලෙචර්, කි‍්‍රස් ගේල්, ජේසන් හෝල්ඩර්, අකීල් හුසේන්, එවින් ලෙවිස්, ඔබේඞ් මැකොයි, රවුමන් පවෙල්, ලෙන්ඞ්ල් සිමනස්, කෙවින් සින්ක්ලියර්.
කසුන් රණවීර