Divaina - ටොම් මූඩි කි‍්‍රකට් අධ්‍යක්ෂ ධුරයට

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sport1 3 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අධ්‍යක්ෂ ධුරය සඳහා හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතා පත්කර තිබේ. පසුගියදා පැවැති සාකච්ඡුා කිහිපයකින් අනතුරුව අදාළ ධුරය සඳහා ටොම් මූඩි මහතා පත්කර ඇති බව කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
 කි‍්‍රකට් අධ්‍යක්ෂ ධුරය අලූතින් පිහිටුවන ලද තනතුරක් වන අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සම්බන්ධ සියලූ කාරණා මින් ඉදිරියට නව අධ්‍යක්ෂවරයා යටතේ සිදු කිරීමට නියමිතව තිබේ. එ් අනුව අදාළ ධුරය සඳහා ටොම් මූඩි මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සමගින් වසර 3ක ගිවිසුමකට එළැඹී ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
 
 මේ වන විට 55 වැනි වියේ පසුවන ටොම් මූඩි මහතා ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන අතර ඔහු 2011 ලෝක කුසලාන අනුශූරතාව දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles