Divaina - දසුන්ගේ වීසා ගැටලූවෙන් විස්සයි විස්ස නායකත්වයත් දිමුත්ට...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dimutsසත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්ව වගකීම දිමුත් කරුණාරත්නට හිමිවීමට ඉඩ ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී. ශී‍්‍ර ලංකා විස්සයි විස්ස සංචිතයේ නායකයා වශයෙන් පත් කළ දසුන් ශානකට ඇති වූ වීසා සම්බන්ධ ගැටලූව හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමිවීමට මේ විට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා කර සිටී.
 
 ශී‍්‍ර ලංකා විස්සයි විස්ස සංචිතය
 
 පසුගිය 23 වැනිදා කොදෙව් දේශය බලා පිටත්ව ගිය අතර එහිදී ඇති වූ වීසා සම්බන්ධ ගැටලූවක් හේතුවෙන් දසුන් ශානකට ශී‍්‍ර ලංකා සංචිතයට එදින එක්කාසු වීමට නොහැකි විය. ඇමරිකාව සඳහා වසර 5කට වලංගු වීසා ඇතුළත් දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත‍්‍රය මීට වසර දෙකකට පෙර අස්ථානගත වී ඇති අතර එහිදී කොදෙව් සංචාරය සඳහා වීසා ලබාදීමේදී දසුන්ගේ එම අස්ථාන ගතවූ විදෙස් ගමන් බලපත‍්‍රය කවුරුන් හෝ අවභාවිත කරනවාද යන්න සොයා බැලිය යුතු බවට ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා තිබිණි. එ් අනුව දසුන්ගේ වීසා බලපත‍්‍රය ලබා දීම තව දින කිහිපයක් ප‍්‍රමාද වන බව එහිදී ඔවුන් ප‍්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් මේ දක්වා එම ගැටලූව නිරාකරණය වී නොමැති අතර එ් හේතුවෙන් තවමත් මෙරට රැුඳී සිටීමට දසුන් ශානකට සිදුවී තිබේ.
 
 කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කොදෙව් දේශයේදී දින 3ක නිරෝධායනයකට යටත් විය යුතුවේ. මේ අනුව ලබන මාර්තු 3 වැනිදා දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය පැවැත්වීමට නියමිතව ඇති අතර දසුන් ශානක තවමත් ශී‍්‍ර ලංකාවේ රැුඳී සිටීම මත එම තරගයේදී නායකත්වයේ වගකීම දිමුත් කරුණාරත්නට හිමිවීමට ඉඩ ඇති බවට කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී. දිමුත් කරුණාරත්න පළමු වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට කී‍්‍රඩා කරන පළමු අවස්ථාව මෙය වන අතර එහිදී එම තරගයේදී කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද හිමි වුවහොත් මංගල විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් මෙහෙය වූ කී‍්‍රඩකයා බවට දිමුත් පත්වේ.
 
 කොදෙව් සංචාරය සඳහා පිටත්ව යෑමට පෙර පැවැති පුහුණු තරගයේදී දක්ෂතා අතරට පිවිසීමට සමත්වූ කරුණාරත්න එම තරගයේදී පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර 14ක් සමගින් ලකුණු 89ක් ලබා ගැනීමට සමත් විය.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles